සුපිරි අට 30 සහ 31 තුරඟ තරග පිටියට

0
11

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW:

චැම්පියන්ස් ලීග් ජාතික පාපන්දු සූරතාවය දිනා ගැනීම සඳහා පැවති මූලික වටයේ තරග නිමා කරමින් සුපිරි අට දෙනාගේ වටය ජනවාරි 30 සහ 31 යන දෙදින තුළ ක්‍රියාත්මකවීමට නියමිතව ඇත.එම සියළු තරග කොළඹ තුරග තරග පිටියේදි පැවත්වේ.

ඒ සහ බී කාණ්ඩ දෙකකට බෙදා මූලික වටය ක්‍රියාත්මක වූ අතර කාණ්ඩ දෙක නියෝජනය කරමින් කණ්ඩායම් හතර බැඟින් අවසාන කණ්ඩායම් අට තේරී පත් වී ඇත.සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය,පෙලිකන්ස් ක්‍රීඩා සමාජය,සෙරන්ඩිබ් ක්‍රීඩා සමාජය,පොලිස් ක්‍රීඩා සමාජය,නිව් ස්ටාර් ක්‍රීඩා සමාජය,සොලිඩ් ක්‍රීඩා සමාජය,ජාවා ලේන් ක්‍රීඩා සමාජය සහ සෙන්ට් මේරිස් ක්‍රීිඩා සමාජය එම කණ්ඩායම් අටට ඇතුළත්ව ඇත. ජනවාරි 30 සහ 31 යන දෙදින් තුළ තරග පැවත්වෙන ආකාරය මේ සමඟ වන,සකස් කරන ලද ඡායරූපය මඟින් දක්වා ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here