සුපිරි අටේ ගැටළුව පකිස්තානය විසඳා දෙයි

0
2

නිශ්මං රණසිංහ පෙබරවාරි 19, කොළඹ LNW

නැමීබියාවට එරෙහිව පැවති තරගය ලකුණු 102 න් ජය ගත් පකිස්තානය සුපරි අට වටයට එම කාණ්ඩයෙන් පිවිසෙන්නේ ඇමෙරිකාවද,පකිස්තානයද කියා පැවති දෙගිඩියාව නිමා කරන්නට සමත් විය.ඒ අනුව අවසාන කණ්ඩායම් අට තේරී පත් වී අවසන් වූ අතර අවාසනාවන්ත ලෙස ඔස්ට්‍රේලියාව මේ අට දෙනා අතරට පිවිස නැති අතර ඔවුන් සිටි බී කාණ්ඩයේ තරගවලදී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ වෙතින් පරාජයක් දෙකක් අත් විඳින්නට සිඳු විය.ඒ අනුව එම කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම් දෙකක් සිටින අතර එයින් සහභාගි වූ සියළුම තරග ජයගත්තේ කුමන කණ්ඩායම ද යන්න තීරණය වන්නේ අද පැවත්වෙන සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා තරගයෙන්ය.

සුපිරි අට වටයේ තරග ආරම්භ වන්නේ පෙබරවාරි 21 වන දා නවසීලන්තය සහ පකිස්තානය අතර තරගයෙන්ය.ශ්‍රී ලංකාව සුපිරි අට වටයේ පළමු තරගයට මුහුණ දෙන්නේ මීට සති කිහිපයකට පෙර ඔවුන්ව පරාජය කළ එංගලන්තය ජය ගත් පල්ලෙකැලේ පිටියේදී ම ය.ඒ පෙබරවාරි 22 වන දා ය.එහෙත් එංගලන්තයට හමුවන්නේ මිට සති කිහිපයකට පෙර හමු වූ ශ්‍රී ලංකාවට වඩා සෑම අතින්ම ශක්තිමත් සහ එම ශක්තිය පිළිපඳ විශ්වාසය ඇති කණ්ඩායමක්ය.

හ්‍රී ලංකාවේ දෙවන තරගය පෙබරවාරි 25 වන දා නවසීලන්තයට එරෙහිව කොළඹදි පැවත්වෙන අතර සුපිරි අට වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගයේ දී පකිස්තානය මුණ ගැසෙන්නේ පෙබරවාරි 28 වන දා පල්ලෙකැලේදී ය.

The post සුපිරි අටේ ගැටළුව පකිස්තානය විසඳා දෙයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here