චීනයේ පැවති , සුපර් මොඩ්ල් යුනිවර්ස් – 2025 තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සුදිනි සින්දවී වික්‍රමආරච්චි ඉදිරිපත් කළ ඇදුම් නිර්මාණයට එම තරගාවලියේ’ , හොදම ජාතික ඇදුම හිමි සම්මානය දිනා ගෙන අද (17දා) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළිත් මෙරටට පැමිණියාය.
මෙම තරගාවලිය ලෝකයේ රටවල් 32 ක නිරූපන ශිල්පිනියන් ඉදිරිපත් වී සිටි අතර ල එය ඉකුත් 10 දින සිට 16 දින දක්වා චීනයේ ෂෙන්ෂෙන් නුවර දී පවත්වා තිබුණි.
මෙම තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 22 ක බරකින් යුතු සීගිරි අප්සරාවියක් නිරූපනය වන ආකාරයට ඇය සිය ඇදුම් නිර්මාණය ඉදිරිපත් කර තිබුණි.
Saru FM Media









