වර්තමානය වෙනකොට බොහෝ දෙනා හුරු වෙලා ඉන්නේ ඉතාම කාර්ය බහුල ජීවන රටාවන්ටයි.මේ නිසා රැකියාවල් කරන කාන්තාවන්ට තමන්ගේ රූපලාවන්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කාලයක් නැති තරම්.නමුත් කාන්තාවක් අනිවාර්යයෙන්ම තමන්ගේ ශරීරයේ බර ගැන , තමන්ගේ රූපලාවණ්‍ය ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වන්නට ඕනේ.සැලෝන් එකකට යන්න වෙලාවක් නැති උනත් රාත්‍රියේ නින්දට පෙර ඔබ කරන මේ පුංචි දේවල් වලින් පෙනුම හැමදාම තරුණව තියාගන්න ඔබට පුළුවන් වේවි
ඔබ දවස පුරාම මුහුණ මත තවරා ගෙන සිටින මේකප් හෝ වෙනත් ආලේපන වර්ග එසේම තිබෙන්නට හැර නින්දට යනවා කියන්නේ සමයේ ඇතිවිය හැකි ගැටලු වලට ඔබම ආරාධනා කිරීමක්.නින්දේදී ඔබේ සම නැවත සකස් වීමට පටන් ගන්නා නිසා සමෙහි සිදුරු විවෘත වීමට පටන් ගනියි. එහිදී මුහුණ මත විවිධ ආලේපන වර්ග තිබීමෙන් චර්ම රෝග, කුරුලෑ, ආසාදන සහ ලප කැළැල් ඇතිවිය හැකිය.එම නිසා නින්දට පෙර ඔබේ මුහුණ ඉතා හොඳින් පිරිසිදු කිරීමට අමතක කරන්න එපා
මුහුණ පිරිසිදු කිරීමෙන් පසුව ටෝනර් එකක් ඔබ භාවිතා කළ යුතුමයි.මුහුණ පිරිසිදු කිරීමේදී විවෘත වන සමේ සිදුරු වලින් එහි ඇතුලත ස්ථරයට කුණු දුහුවිලි සහ විෂබීජ ඇතුළු වීම ටෝනර් එකක් ආලේප කිරීම මගින් වළක්වනවා.ඒ වගේම ඔබේ සමයෙහි ස්වාභාවික pH අගය යථා තත්ත්වයට පත් කරන්නත් toner එකක් උපකාරී වෙනවා.මුහුණ පිරිසිදු කර තෙත මාත්තු කිරීමෙන් පසුව ඔබේ සමට ගැළපෙන toner එකක් ගෙන මෘදුව ඔබේ සම මත රාත්‍රී කාලයේ දී ආලේප කරන්න
ඔබ දවස පුරාම පරිගණක තිරයක් දෙස බලාගෙන රැකියාව කරන කෙනෙක් නම් මෙය ඔබට ඉතාම වැදගත් දෙයක්.Eye cream එකක් තෝරා ගැනීමේදී ඔබේ සමට ගැළපෙන ,සැර රසායන ද්‍රව්‍ය වලින් තොර හොඳ වෙළෙඳ නාමයක් යටතේ නිශ්පාදනය කර ඇති නිෂ්පාදනයක් තෝරා ගන්නත් අමතක කරන්න එපා. එවැනි ක්‍රීම් වර්ගයක් ගැල්වීමෙන් පසුව වෙහෙස වූ ඇස් ලිහිල් කිරීමට ඇති අක්ශි ව්‍යායාම කිරීමෙන් ඔබේ ඇස් වලින් පෙනෙන වෙහෙසකර බව ,රැලි සහ සියුම් රේඛා ,ඇස් යට ඇති අඳුරු ගතිය සහ අවපැහැ ගැන්වීම් ඉවත් කරගන්නට ඔබට පුළුවන්
මෙය එතරම් වැදගත් දෙයක් නෙවෙයි කියලා කියලා ඔබ හිතුවත් ඇත්ත වශයෙන්ම එය වැදගත් දෙයක්.විශේෂයෙන්ම මේ දිනවල පෙරටත් වඩා ඔබ අත් සේදීම සිදු කරනවා නම් hand cream එකක් අනිවාර්යෙන්ම භාවිතා කරන්න.ඉවුම් පිහුම් සහ පිරිසිදු කිරීම් සඳහා විවිධ සබන් වර්ග , සේදුම් කාරක භාවිතා කිරීමේදී ඔබේ අත් වියලෙනවා.ඒ වගේම සම රළු වීමක් ද සිදුවෙනවා.මෙය යථා තත්ත්වයට පත්කිරීමට නම් තෙතමනය ආරක්ෂා කරන ඔබේ සමට ගැළපෙන hand cream එකක් අනිවාර්යයෙන්ම රාත්‍රියේදී ඔබේ අත් වල ගල්වන්නට වගබලා ගන්න
රාත්‍රී කාලයේ දී ඔබ හිසකෙස් මුදාහැර නිදා ගන්නවා නම් හිසකෙස් වල ඇති ස්වාභාවික තෙල් ගතිය , හිස්හොරි හෝ වෙනත් කුණු දූවිලි ඔබේ මුහුණ මත තැවරී මුහුණේ කුරුලෑ සහ ආසාදන තත්ත්වයන් ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.ඊට අමතරව හිසකෙස් ගැටගැසීම ද සිදුවිය් හැකියි.එම නිසා රාත්‍රී කාලයේදී ඔබේ කොණ්ඩය ගොතා තිබීම හෝ ගැට ගැසා තිබීම වඩාත් සුදුසුයි
ඔබ මුහුණට දක්වන සැලකිලිමත්කම ම ඔබේ දෙපා වලටත් අනිවාර්යයෙන්ම දැක්විය යුතුයි.දෙපා වල පිරිසිදුකම පිළිබඳව කාන්තාවක් ලෙස අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු අතර දිනපතාම දෙපා වල නියපොතු හොඳින් මැද පිරිසිදු කළ යුතුය.දින 2කට වරක්වත් අපේ දෙපා මඳ උණුසුම් ජලයේ බහා තබා හොඳින් තෙත මාත්තු කර ඔබේ සමට ගැළපෙන මොයිස්චරයිසර් වර්ගයක් හෝ දෙපා වල තෙතමනය ආරක්ෂා කිරීමට දෙපා සඳහාම නිමවා ඇති cream ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න
මෙන්න මේ ලෙහෙසි පහසු පියවරයන් හැමදාම අනුගමනය කළොත් ඔබේ තරුණ බව රැකගන්න ඔබට එතරම් වෙහෙස වෙන්න අවශ්‍ය වෙන එකක් නැහැ.මීට අමතරව පෝෂ්‍යදායි ආහාර සහ නැවුම් එළවළු පලතුරු ආහාරයට ගැනීම , හොඳින් ජලය පානය කිරීම සහ නිසි ලෙස ව්‍යායාම කිරීම මඟින් ද ඔබට වඩා හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්
Saru FM Media