සුන්දර කන්තාවක් වන්න නම්…..

0
13


රෂිකා හෙන්නායක අප්‍රේල් 10 කොළඹ LNW :

ඔබ කාන්තාවක් නම් ඔබේ පෙනුම පෞරුෂත්වයට සෘජුවම බලපානවා. ඉතාම සරල දේවල් වලින් ඔබට ඔබේ පෙනුම වැඩි කර ගත හැකි අතර මේ සඳහා ඔබ , ඔබ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා.ඔබ ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙක් නම් මේ වගේ අවධානය යොමු කළ යුතු අතිශය අත්‍යවශ්‍ය කාරණා ඔබට මග හැරෙන්නට පුළුවන්. ඉතින් මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ පෙනුම වැඩි කර ගත හැකි කාරණා කිහිපයක් ගැනයි.

සුවඳ

මේ ඔබේ පෙනුම සහ පෞරුෂත්වය කෙරෙහි බලපාන ප්‍රධානම සාධකයක්. කවුරුන් හෝ ඔබ සමග කතා කිරීමට ඔබ ඉදිරියට ආවොත් ඔබෙන් අප්‍රසන්න දුගඳක් හමනවා නම් ඒ කෙනාට ඔබ ගැන ඇතිවෙන්නේ අප්‍රසන්න හැඟීමක්. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම ඔබ ඔබේ සුවඳ කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ඔබ දිනපතා නෑමෙන් හෝ ඇඟ සේදීමෙන් පසුව Deodorant එකක් භාවිතා කිරීම සහ Perfume එකක් භාවිතා කිරීම අනිවාර්ය කර ගන්න. ඒ වගේම ඉතා සැර නොවන මෘදු සුවඳක් සහිත නිෂ්පාදනත් තෝරා ගැනීමට මතක තබා ගන්න.

නියපොතු 

නියපොතු කියන්නෙත් තවත් කෙනෙකුගේ අවධානයට යොමු වෙන සාධකයක්. ඔබේ නියපොතු දිගු සහ අපද්‍රව්‍ය පිරුණු ඒවා නම් එය තවත් කෙනෙකුට ප්‍රසන්න හැඟීමක් ඇති කරන්නේ නැහැ. නියපොතු නිතරම පිරිසිදුව තබා ගැනීම සහ නියමිත ප්‍රමාණයට කැපීම වගේම ඔබේ සමේ පැහැයට ගැලපෙන නිය ආලේපන ආලේප කර තබා ගැනීමෙන් ඔබට ඔබේ පෙනුම වැඩි දියුණු කර ගැනීමේ හැකියාව තියෙනවා.

ඇහි බැමි

ඕනෑම කෙනෙකුට මුලින්ම අවධානය යොමු වෙන්නේ ඔබේ මුහුණට. විශේෂයෙන්ම ඔබේ ඇස් වලට. ඉතින් ඔබේ ඇහි බැමි කුමන හැඩයකින් තිබුණත් ඒවා නිසි විදියට සකස් කරලා තිබුණොත් ඔබේ පෙනුම තවත් කැපී පෙනෙන බවට සැකයක් නැහැ.

ඇඳුම් වල රැලි 

ඔබ නිවසින් පිටතට යන විට , විශේෂයෙන්ම කාර්යාලයට හෝ වෙනත් අවස්ථාවකට යන විට ඔබ ඇඳගෙන යන ඇඳුම් වල රැළි තිබෙනවා නම් , ඒවා පොඩි වී තිබෙනවා නම් එය තවත් කෙනෙකුට ඔබ ගැන හොඳ හැඟීමක් ඇති කරන්නේ නැහැ. ඒ වගේම එවැනි ඇඳුම් වලින් ඔබට ගෙන එන්නේ අපිළිවෙල පෙනුමක්. එනිසා නිතරම ඔබේ ඇඳුම් අඳින්නට පෙර ඉතා හොඳින් මදින්න අමතක කරන්න එපා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here