සුන්දරත්වය රැකගෙන හැමදාම තරුණ වෙලා ඉන්න කැමති නම් මේ කරුණු 9 වැදගත් වේවි.

0
10


රැකියාවන් එක්ක, ගෙදර වැඩ කටයුතු එක්ක කාර්යබහුල වෙලා ඉන්න ඔබට ඔබව අමතක වෙලා ගිහින්ද? නමුත් කාන්තාවක් විදියට ඔබේ සෞඛ්‍ය ගැන වගේම ඔබේ සුන්දරත්වය ගැනත් අමතක කිරීම නම් එතරම් හොද දෙයක් නෙවෙයි . අනික සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම කියන්නෙ අපි හැමෝගෙම ජීවිතේ සතුටින් ගත කරන්න අවශ්‍යම සාධකයක්.

අඩු වයසින්ම වයසට වඩා පෙනුමක් අපිට ලැබිල, ලෙඩත් එක්ක ජීවිතේ ගෙවන්න වුනොත් කාන්තාවන් ලෙස එය කොයිතරම් අපහසු ජීවිතයක් වේවිද?

ඉතින් මේ ලිපියෙන් අපි කතා කරන්නෙ ඔබේ සෞඛ්‍යය රැකගෙන නීරෝගී බව රැකගෙන සතුටින් ජීවිතේ ගෙවන්න නම් ඔබේ ජීවිතේ ට එකතු කර ගත යුතුම පුරුදු කීපයක් ගැනයි. .මේ පුරුදු ඔබේ ජීවිතයට සැබෑ වෙනසක් එකතු කරාවි

ඔබ උදෑසනම තේ හෝ කෝපි පානය කරනවා වෙනුවට පිරිසිදු වතුර වීදුරවකින් ඔබේ දවස ආරම්භ කරන්න. වතුර කියන්නේ අපේ මුළු ශරීරයටම ඉතා වැදගත් දෙයක්.එමඟින් අපගේ ශරීරයෙන් සියලුම අපද්‍රව්‍ය ඉවත් කරනවා.ඒ වගේම අපගේ ආමාශය පිරිසිදුව තබනවා මෙන්ම බොහෝමයක් රෝග වළක්වා ගන්නත් පුලුවන්

ඔබේ සුපුරුදු තේ සහ කෝපි වෙනුවට Green tea බොන්න පටන් ගන්න.එය ශරීරයට ප්‍රබල බලපෑමක් ඇති කරන ප්‍රතිඔක්සිකාරක වලින් සමන්විත අතර මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම, බර අඩු කර ගැනීම, පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීම කරනවා.ඊට අමතරව වඩා හොඳ ප්‍රතිශක්තියක් ඉන් ලබා ගන්නත් පුලුවන්

හොඳ සෞඛ්‍යයක් සඳහා උදෑසන ආහාරය කියන්නේ අත්‍යවශ්‍යම වන දෙයක්.එය මඟ හැරීම කියන්නේ නරකම සෞඛ්‍ය පුරුද්දක්. සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරයක් මුළු දවස පුරාම අපව නිරෝගීව හා ශක්තිමත්ව තබා ගන්නවා. උදෑසන ආහාරයට යකඩ, කැල්සියම්, තන්තු, ප්‍රෝටීන් සහ මේද වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් සමන්විත ආහාරයක් ගන්නත් ඔබ වග බලාගන්න ඕන. උදේ ආහාරය මඟ හැරීම ඔබේ ප්‍රතිශක්තිය අඩු කරන නිසා උදෑසන ආහාර වේල මග හැරීම කොහෙත්ම කරන්න එපා.

ඔබ වැඩ කරන පුද්ගලයෙක් නම් සහ දවස පුරා වාඩි වී සිටින්නේ නම්, ඔබට සෞඛ්‍යමය අවදානමක් තියනවා. නමුත් ඔබට මෙම ගැටලුව අවම කර ගැනීම සඳහා පුරුදු කිහිපයක් අනුගමනය කරන්න පුලුවන්. එනම් ඇවිදීම, ඔබේ සේවා ස්ථානයේ පඩිපෙල නැගීම, හැකි සෑම විටකම සුලු හෝ ව්‍යායාමයක් කිරීම ඔබට කරන්න පුලුවන් .
ඒ වගේම පඩි පෙළ භාවිතා කිරීම සහ විදුලි සෝපාන භාවිතා කිරීමෙන් වැළකී සිටීමත් ඔබව නිරෝගීව තබා ගන්න වැදගත් වෙන පුරුදු දෙකක්. ඔබ කාර්යාලයේ, වෙළඳ සැල්වල හෝ නිවසේ සිටින අතරතුර හැකිතාක් පඩි පෙළක් භාවිතා කරන්න. පඩි පෙළ භාවිතා කිරීම යනු කැලරි දහනය කරන සහ ඔබේ කකුල් වලට ශක්තිය එක් කරන හොඳ ව්‍යායාමයක්.

ඔබට නිරෝගීව හා තරුණව සිටීමට අවශ්‍ය නම් සමහර පහසු යෝග ඉරියව් ප්‍රයෝජනවත් විය හැකිය. ඔබ නිදහසේ සිටින සෑම විටම මෙම ඉරියව් පුහුණු වන්න. සන්සුන් බවක් සහ ප්‍රබෝධයක් ඔබට දැනෙනු ඇත.මෙහිදී ඔබට කැමති වෙනත් අභ්‍යාස කිහිපයක්ද තෝරා ගත හැකිය. ඒ වගේම ඔබට ව්‍යායාම සඳහා ඇවිදින්නට යාම උනත් කරන්න පුලුවන්

ඔබේ ආහාර වේලට නැවුම් එලවලු සහ පලතුරු එකතු කරගැනීම ඔබ කලයුතුම දෙයක්.ක්ශණික ආහාර සහ කෙටි කෑම වලට ඔබේ රස නහර සතුටු කළ හැකි උනත් එය ඔබේ සෞඛ්‍යයට, විශේෂයෙන් ඔබේ හදවතට දිගු කාලීනව බලපානවා. ඒ නිසා හොඳ සෞඛ්‍යයක් ලබා ගන්න නම් ඔබ නැවුම් සහ අමු පලතුරු හා එළවළු ආහාරයට ගැනීම ආරම්භ කරන්න. එවැනි ස්වාභාවික දේවල් නිසා ඔබේ ශරීරය නීරෝගීව තබා ගැනීමට හැකි වන අතරම ඒවා ඔබේ මොළය වඩා හොඳින් ක්‍රියා කිරීමට උපකාරී වෙනවා. රසායනික කෘතිම ආලේපන වලින් ඔබේ සුන්දරත්වය වැඩි කර ගන්නවට වඩා මෙලෙස හැකිතාක් ස්වභාවික ආහාර හා පළතුරු තුලින් ඔබේ සමේ මෙන්ම සිරුරේ සියලු කොටස් වලට අවශ්‍ය පෝෂණය ලබා ගෙන සුන්දරත්වය රැක ගැනීම සෞබ්‍යාරක්ශිත හා ස්තායී දෙයක් .

බොහෝ දෙනා කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක සෞඛ්‍ය සම්පන්න නොවන කෙටි කෑම වලට ඇබ්බැහි වෙනවා.මේවා මගින් විශේශයෙන්ම ඔබේ ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩි කරනවා.ඒ විතරක් නෙමෙයි කෙටි කෑම වර්ග සහ කෘතීම පාන වර්ග මල බද්ධය ,මොළයේ ක්‍රියාකාරිත්වය අහිමි වීම වැනි දේවල් වලටද හේතුවක් වෙනවා. ඒ නිසා ඔබේ ආහාර වේලට ලෙමන් වතුර, detox drink, green tea ,නැවුම් පලතුරු යුෂ එකතු කරගන්න. එමගින් ශරීරයේ බර පාලනය කිරීම , ශරීරයේ ඇති විශ ඉවත් කිරීම සිදුවෙනවා.

නින්ද අපගේ මුළු ශරීරයටම බලපානවා. ඉගෙනීමට සහ මතක ශක්තිය වර්ධනය කරගැනීමටත් නින්ද ඉතා වැදගත් වෙනවා. සෑම කෙනෙකුටම පැය 8 ක පමණ නින්දක් අත්‍යවශ්‍ය වනවා. නින්ද නොමැතිකම ඔබේ සෞඛ්‍යයට අනතුරුදායක බව විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා.සෑම රාත්‍රියකම, ඔබේ කාමරයේ වඩා හොඳ පරිසරයක් නිර්මාණය කරගන්න, එය අඳුරු ලෙස තබා ගන්න. ජංගම දුරකථන ,පරිඝණක සහ ලැප් ටොප් වලින් ඈත්වී සුව නින්දක් ලබා ගන්න.

ධනාත්මකව සිතන්න. ඔබ වෙනුවෙන් කිසිදු සෘණාත්මක පරිසරයක් නිර්මාණය කර නොගන්න. ධනාත්මකව සිතීමෙන් ඔබට හොඳ දේවල් ලැබෙන බව විශ්වාස කරන්න. හැමදෙයක් ගැනම සුබවාදීව හිතන්න පුරුදු වීමෙන් ඔබ ආතතියට පත් වීම අවම වෙනවා. නිතරම ආතතියෙන් සිටීම කියන්නෙ ඔබේ සිරුරට අනවශ්‍ය හෝමෝන හා රසායනික ද්‍යව්‍ය බොහොමයක් ස්‍රාවය වීමට හේතුවක් , එය ඔබේ කායික මානසික නීරෝගීමත් බවට ඉතාම හානිදායකයි. ඒ නිසා හැකිතාක් ධනාත්මකව ජීවිතේ දෙස බලමින් ආතතිය හැකිතාක් අවම කරගෙන ජීවත් වෙන්න.

මේ ක්‍රම වලින් ඔබ නොහිතන ආකාරයේ වාසි ලබාගන්න ඔබට පුලුවන්. සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ඔබට සතුට ලබාදෙන නිසා ඔබ කොතරම් කාර්‍යබහුල කෙනෙක් උනත් ඔබේ සෞඛ්‍යයට මුල් තැන ලබා දෙන්න.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here