සුද යාම නිසා ඔබත් මානසිකව පීඩාවිදිනවාද?

0
14


කාන්තාවන්ගෙන් කැපී පෙනෙන ප්‍රමාණයකට ඇති සෞඛ්‍ය ගැටළුවක් ගැන කතා කරන්න තමයි ඔන්න අද smart lady අපි මේ සූදානම් වෙන්නෙ. 

ඒ තමයි සුදයාමේ තත්වය.

මේ තත්වය පිළිබඳ නිසි ආකාර අවබෝධයක් නොමැති වීම නිසා බොහෝ කාන්තාවන් දැඩි මානසික පීඩනයට සහ සිත්තැවුලට පත්වෙන අවස්ථාත් අපිට නිරන්තරයෙන් අහන්න දකින්න ලැබෙනවා. 

ඒ නිසාම අද ලිපියෙන් සුදයාම සම්බන්ධ ඉතාම වැදගත් කරුණු කීපයක් මේ විදිහට ඔබත් එක්ක බෙදාගන්න අපි තීරණය කරා. 

යෝනි මාර්ග ශ්‍රාවයන්

නීරෝගි කාන්තාවකගේ යෝනි මාර්ගයේ දිලීර සහ ලැක්ටොබැසිලස් කියන දෙවර්ගයම අඩංගු වෙනවා. ඒවා නිසා ඇතිවන තරලමය සහ ශ්ලේෂමල තත්වයන් යෝනි මාර්ගයේ තෙතමනය පවත්වා ගැනීමටත් යෝනි මාර්ගය ආසාදන වලින් ආරක්ෂා කර පිරිසිදුව තබා ගන්නත් උපකාරී වෙනවා. 

ඉතිං, ඔබේ යෝනි මාර්ගයෙන් පිටවන ශ්‍රාවයන්, 

දැඩි සහ අප්‍රසන්න සුවඳක් නොමැති නම්,

පැහැදිලි හෝ සුදු පැහැති නම්,

ඝන සහ ඇලෙන සුළු නම් වගේම 

ලිස්සන සුළු සහ තෙත් නම් ඒ පිළිබඳව ඔබ කලබලයට පත්විය යුතු නැහැ. 

යෝනි ශ්‍රාවයන් පිටවීම කාන්තාවකගේ ජීවිත කාලය තුළ ඕනෑම වයසකදී ඇතිවෙන්න පුළුවන් තත්වයක්. 

ඒවගේම මේ පිටවන ශ්‍රාවයන්ගේ ප්‍රමාණයනුත් විවිධ කාරණා නිසා එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔබ ගර්භණී නම්, ලිංගිකව ක්‍රියාකා‍රී නම් වගේම උපත් පාලන ක්‍රම භාවිතා කරනවා නම් පිටවෙන යෝනි ශ්‍රාවයන්ගේ ප්‍රමාණය සාපේක්ෂව වැඩි බවත් හඳුනාගන්න පුළුවන්. 

ඒ වගේම ඔසප් වීම් දෙකක් අතර තුළ කාලයේදීත් තෙත් සහ ලිස්සන සුළු ශ්‍රාවයන් පිටවීමේ ඉඩකඩක් පවතිනව. 

දැන් අපි බලමු යෝනි ශ්‍රාවයන් ගැටළුකාරී වෙන්නෙ මොන මොන අවස්ථා වලදිද කියල. 

ඔබේ යෝනි ශ්‍රාවයන්, 

මාළු වැනි අප්‍රසන්න දුඟදකින් යුක්ත නම්,

ඝනකම් සහ සුදු පැහැති නම්,

ළා කොළ, කහ පැහැති හෝ පෙණ සහිත නම්,

යෝනි මාර්ගය ආශ්‍රිතව වේදනාවක් හෝ රුධිරය පිටවීමක් දකින්න ලැබෙනව නම් වගේම 

බිබිලි හෝ තුවාල දකින්න ලැබෙනව නම්, ඒ බැක්ටීරියා, දිලීර ආසාදිත තත්වයන් වගේම හර්පීස්, ගොනෝරියා වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග තත්වයන් වල රෝග ලක්ෂණද වීමේ සම්භාවිතාවක් පවතින නිසා මේ ලක්ෂණ දකින්න ලැබුණු වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්‍ය බවත් අපි ඔබට මතක් කරන්න කැමතියි. 

ඊට අමතරව,

ඔබේ යෝනි ශ්‍රාවයේ වර්ණය, වයනය සහ සුවඳ වෙනදාට වඩා වෙනස් නම්,

සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි යෝනී ශ්‍රාවයන් පිටවීමක් දකින්න ලැබෙනව නම්, 

කැසීමක් හෝ වේදනාවක් දැනෙනව නම්,

ඔසප් වීම් දෙකක් අතර කාලයේදී හෝ ලිංගිකව එක්වීමෙන් පසු යෝනි මාර්ගයෙන් ලේ ගැලීම සිදුවෙනව නම්, 

මුත්‍රා කරන විට ඔබට වේදනාවක් දැනෙනව නම් වගේම බඩ සහ කලවා අතර නිතර නිතර වේදනාවක් ඇතිවෙනව නම් ඒ සඳහාත් ඔබ හැකි ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්‍ය බවත් සඳහන් කල යුතුමයි. 

ඉතිං, සාමාන්‍ය යෝනි ශ්‍රාවයන් පිටවීම වළක්වා ගන්න අපිට හැකියාවක් නැත්තේ යෝනි ශ්‍රාවයන් යෝනි මාර්ගය ආරක්ෂා කරන්න ස්වභාවයෙන්ම නිපදවෙන ද්‍රව්‍යක් නිසයි. 

නමුත් එයින් ඔබට ඇතිවෙන අපහසුතා ඇතිකරන්නත් දිලීර සහ බැක්ටීරියා ආසාදන ඇතිවීමේ අවදානම අඩුකරගන්නත් යහපත් සෞඛ්‍ය පුරුදු ඇති කරගැනීම ඉතාම වැදගත්. 

හොඳ පුරුදු 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here