සීනි සභාපතිකම සඳමාලිට – ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

0
9


ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති ආචාර්‍යය බන්දුල දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊයේ (27) පස්වරුවේ ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 22 වැනි දින කැබිනට් අනුමැතිය හිමිවූයේ බන්දුල දිලීප මහතා ඇතුළු කොමිෂන් සභාවට තවත් සාමාජිකයින් සිව්දෙනෙකු පත් කිරීම සඳහා යි.

කෙසේවෙතත් ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයට පත් ව මාස 05ක් තුළ සිය සේවාවෙන් විතාරණ මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

මේ අතර ලංකා සීනි සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුරු සඳහා ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවන් දෙදෙනකු පත් ව තිබෙන බවත් වාර්තා වනවා.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම පත්වීම් සිදු කරනු ලැබුවා.

සභාපති ධුරය සඳහා සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය පත්වද්දී, අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත් කර ඇති බවයි වාර්තා වන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here