සීනි නැතුව චොකලට් කේක් හදමු..

0
2

අපි නිතරම රස කැවිලි වර්ග සාදන විට අපේ නිවසේ සිටින වැඩිහිටියන් ගැනත් සැලකිලිමත් වෙන්නට වෙනවා.දියවැඩියාව වැනි රෝග වලින් පෙළෙන අය පමණක් නෙවෙයි වැඩිහිටි වියේ කවුරුත් සීනි වලින් ඉවත් වී සිටීම  සෞඛ්‍යාරක්ෂිතයි.ඉතින් මේ ඔබ නිවසේ සිටින ආදරණිය වැඩිහිටියන් වෙනුවෙන් සීනි අඩු චොකලට් කේක් හදා ගන්න රෙසිපි එකක්.

අවශ්‍ය වෙන්නේ මේවා..

  • එළවළු තෙල් මේස හැඳි හතරක්
  • පිටි ග්‍රෑම් 225ක්
  • බේකිං පවුඩර් මේස හැදි එකක්
  • චොක්ලට් පවුඩර් මේස හැදි එකක්
  • මිශ්‍ර කුළු බඩු මේස හැඳි බාගයක්(කරඳමුංගු ,කරාබු නැටි ,එනසාල්,සාදික්කා, වසාවාසි ,සම සමව ගෙන කුඩු කර ගෙන)
  • බිත්තර තුනක්
  • දොඩම් යුෂ කෝප්ප භාගයක්
  • දොඩම් පොතු මේස හැඳි එකක්
  • වියලි මිදි ග්‍රෑම් 50 ක්

හදන්නේ මෙහෙමයි..

  • කොකෝ පවුඩර් බේකිං පවුඩර් සහ පිටි තුන් වරක් හලා පසෙකින් තබන්න .
  • වෙනම බඳුනක් ගෙන බිත්තර සහ එළවළු තෙල් දමා හොඳින් හොඳින් බීට් කරන්න.
  • දොඩම් යුෂ දමන්න .
  • ගාගත් දොඩම් පොතු ද මිශ්‍ර කර කුළුබඩු වියළි මිදි ද හලාගත් පිටි වලින් ටික ටික තමා මිශ්‍රකර මිශ්‍ර කර අවසානයේදී මිදි කලවම් කරන්න.
  • සෙන්ටිග්‍රේඩ් දෙසීයක උෂ්ණත්වයට විනාඩි 25 ක් බේක් කරන්න .

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here