තංගල්ල සීනිමෝදර හා ගොඩවැල්ලෙන් සොයා ගත් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ බව කියන යාත්‍රාවක් සමඟ සැකකරුවෙකු ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
ඒ ල නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දෙවුන්දර මුහුදේ කල ඒකාබද්ධ මෙහෙයුමකදීය.
රුපියල් බිලියන 10ක් පමණ වටිනා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 705 යි ග්‍රෑම් 170 ක් පසුගිය 22 වැනිදා තංගල්ල සීනිමෝදර හා ගොඩවැල්ලෙන් සොයා ගන්නා ලදි.
ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284 යි ග්‍රෑම් 410 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 420 යි ග්‍රෑම් 760 ක් ඇතුළත් වේ. මෙම මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබුවේ තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් සිටියදී සොයා ගැනීමත් සමඟය.
ඔවුන් සමග සිටි බව කියන තවත් අයෙකු රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගොස් තිබුණි.
Saru FM Media