නිශ්මං රණසිංහ පෙබරවාරි 24, කොළඹ LNW:
ඉතාලියේ Milan-Cortina 2026″ ශීත සෘතු ඔලිම්පික් උළෙල පෙබරවාරි 06 වන දා සිට 22 වන දා දක්වා දින 16 ක් පුරා ක්‍රිකයාත්මක වුණා. 2026 ශීත සෘතු ඔලිම්පික් උළෙල නෝර්වේ වෙත ජය හිමිවෙමින් නිමා වූවා.ශ්‍රී ලංකාවට දුරස්ත වූ පරිසරික සාධක සළකා ක්‍රියාත්මක වෙන මෙම ක්‍රීඩා උළෙල සඳහා සහභාගි රටවල් අතරින් දෙවන තැන දිනා ගන්නට සමත් වූයේ ඇමෙරිකා එක්සත් ජනපදය යි.සත්කාරක ඉතාලිය සිව්වන තැනට පත්වෙමින් රන් පදක්කම් 10 ක් රිදී පදක්කම් 6 ක් සහ ලෝකඩ පදක්කම් 14 දිනා ගන්නට සමත් වුණා.
නෝර්වේ රන් පදක්කම් 18 ක් රිදී 12 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් ලබා ගැනීමට සමත් වුණා.ඇමෙරිකා එක්සත් ජනපදය රන් පදක්කම් 12 ක් සහ රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 08 ක් ලබා ගැනීමට සමත් වුණා.තෙවන ස්ථානය හිමි වුණේ නෙදර්ලන්තයටයි.ඔවුන් රන් පදක්කම් 10 රිදී පදක්කම් 07 සහ ලෝකඩ 03 ක් හිි කර ගන්නට සමත් වුණා.

The post සීතල ඔලිම්පික් කිරීටයේ උණුසුම නෝර්වේට appeared first on LNW Sinhala.
Saru News
















