සිහින සිත් තුළ සඟවාගෙනම තරුෂි දුව දෑස් පියා ගනී

0
10

මෙවර උ/පෙළට පෙනී සිටින්න සිටි දඹුල්ලේ සිසුවියගේ කතාව
අම්මාට ලිපියකුත් ලියලා

උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නියමිත සිටි සිසුවියක් හදිසියේම නිදියහන මතම ඊයේ (10දා) උදේ මියගොස් ඇති බව දඔුල්ල පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ දඔුල්ල ඉහළ ඇරැවුල ගම්මානයේ පදිංචි 19 හැවිරිදි තරුෂි චමෝදි නමැති සිසුවියකි.

සිසුවිය පෙරේදා 09 දා රාත්‍රියේ සිය කාමරයේ අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටිය බවද දෙමාපියෝ කියති. ඊයේ උදේ 6.00ට පමණ දියණිය උසස් පෙළ විභාගයට පෙනී සිටීමට යෑමට සූදානම් නොවී කාමරයේ ම නිදාගෙන සිටින නිසා දෙමාපියන් සොයා බලද්දී ඇය සිහිසුන්ව සිට ඇත. ඒ නිසා වහාම 1990 ගිලන් රථයෙන් දඔුල්ල රෝහලට ගෙන ගොස් තිබුණි.

රෝගාතුර වී ඇතැයි සිතා රෝහලට ගෙන ආ සිසුවිය පරීක්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇය රෝහලට ගෙන ඒමට පෙර මියගොස් ඇති බවය.

සිද්ධිය වාර්තාවීමත් සමග දඔුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිසුවියගේ නිවසට ගොස් ඇය නිදාගෙන සිටි නිවස පරීක්ෂා කර තිබේ. කාමරය නිරීක්ෂණය කරද්දී සිසුවියගේ අත් අකුරින් ලියා තිබුණු “අම්මේ මම ජීවිතයෙන් සමුගන්නවා” යැයි ද සඳහන් ලිපියක් හමුවුණු බව මරණය පළිබඳ පරීක්ෂණ පවත්වන දඔුල්ල පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය. මරණය සිදුවී ඇත්තේ කෙසේද යන්න ඊයේ දහවල් වන තෙක් අනාවරණය වී නොතිබිණි.

මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එම්. එස්. ඩබ්ලිව්. වික්‍රමනායක මහතාගේ උපදෙස් පරිදි දඔුල්ල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් විජේසුන්දර මහතා ප්‍රධාන පොලිස් නිලධාරීහු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

මියගිය තරුෂි චමෝදි සිසුවියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ දඹුල්ල රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි.
ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here