ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:‘සිහින පාසලක්’ කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම රජය සතු වගකීමක් බවත් එය යථාර්ථයක් කිරීමට කැපවෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ අද (29) අතුරුගිරියේ ගුණසේකර විද්‍යාලයේ දී ආරම්භ වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පළමු වසර සිසුන් ඇතුළත් කරගැනීමේ ජාතික උත්සවයට එක්වෙමිනි.
ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ.
එමෙන්ම මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසු දරුවන්වද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ වනවිට සකස් කරමින් සිටින අතර එම දරුවන්ව කිසිවිටෙකවත් අතහැර නොයන බවද ඇය අවධාරණය කළාය.
මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2030 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවද ඇය කියා සිටියාය.
”ආදරණීය දුවේ, පුතේ,
පළවෙනි ශ්‍රේණියෙන් පාසලට ඇතුළත් වන ඔබට, අප තිළිණ කරන්නේ ඔබ අසමත් නොවන අධ්‍යාපන ක්‍රමයක්. ඒ නිසා 13 වසරක අධ්‍යාපනය තුළින් පාසලෙන් එළියට යන්නේ සමතෙක්, දක්ෂයෙක් විදියට රටට ලෝකයට ප්‍රයෝජනයක් දෙන අයෙක් විදියට බවට මට විශ්වාසයි. අන්න ඒක තමා අපි ඉතාමත්ම ආසාවෙන් බලාගෙන ඉන්නේ ඔයාලා ඒ ලෝකය භාරගන්න කල්.
Saru News










