සිසුවකුට බරපතල ලිංගික අපයෝජනයක් කළ මාතලේ විදුහල්පති 9තෙක් රිමාන්ඩ්!

0
2

මාතලේ මහවෙල අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ ජාතික පාසලේ ඉගෙනුම ලැබූ 14 හැවිරිදි සිසුවකු ලිංගික අපයෝජනයට ලක්කළැයි කියන එම පාසලේම විදුහල්පතිවරයා වන ෂෙහාන් දිසානායක  නාවුල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් පසු අප්‍රේල් 9දා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකර තිබේ.

අත්අඩංගුවට පත් තැනැත්තා ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන බවද වාර්තා වේ.

පාසලේ ශිෂ්‍ය භට කාමරය තුළදී විදුහල්පතිවරයා විසින් තම දරුවා අපයෝජනයට ලක්කළ බවට එම සිසුවාගේ දෙමාපියන් විසින් මහවෙල පොලිසියට පෙරේදා (30) පැමිණිල්ලක් සිදුකර තිබිණි.

මහවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ජයරත්නගේ මෙහෙයවීම මත මෙම විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණද ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් තිබිණි.

පසුව ප්‍රදේශවාසීන් විසින්ම ඔහු ස්ථාන කිහිපයක සැඟවී සිටින බවට තොරතුරු ලබාදීමත් සමග පොලිස් කණ්ඩායම් ස්ථාන කිහිපයක සෝදිසිකරමින් සිටියදී සැකකාර විදුහල්පතිවරයා ඊයේ (31) උදෑසන මහවෙල පොලිසියට පැමිණ භාරවී තිබිණි.

අවස්ථා කිහිපයකදීම පාසලේ අදාළ සිසුවාට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ බවට සිසුවාගේ දෙමව්පියෝ පොලිසියට පැමිණිලි කර තිබුණු අතර සිසුවා මේ වනවිට වෛද්‍ය පරික්ෂණ සඳහා මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here