සිසුන් ඇතුළු 20ක් රෝහල්ගත කළ ඉංගිරියේ අනතුර ගැන පරීක්ෂණයක්

0
9


ඉංගිරිය – හොරණ මාර්ගයේ ඉංගිරිය රෝහල අසලදී අද පෙරවරුවේ සිදු වූ අනතුරින් තුවාල ලැබූ සිසුන් දහනම දෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු හොරණ සහ ඉංගිරිය රෝහල්වල් තවදුරටත් ප්‍රතිකාර ලබනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඉංගිරිය ප්‍රදේශයේ පාසලක දරුවන් පිරිසක් දොඹගොඩ ප්‍රදේශයේ පාසලක ක්‍රිකට් තරගයක් සඳහා සහභාගි වීමට ලොරි රථයකින් ගමන් කරමින් සිටියදී හොරණ ප්‍රදේශයේ සිට පැමිණි බස් රථයක් සමග මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාව වන විට ලොරි රථයේ විසි දෙදෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර ඉන් දෙදෙනෙකු හැර අනෙක් සියලු‍ දෙනාම තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here