සිස්ටයින් චැපල් දේවස්ථානයෙන් සුදු දුමාරය පිටවෙයි.

0
2


නව පාප් වහන්සේ තෝරා පත් කරගත් බවට ලෝකයට පණිවිඩය ලබාදෙමින් වතිකානයේ සිස්ටයින් දේවස්ථායේ චිමිනියෙන් සුදු දුමාරය නිකුත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. 

ඒ අනුව ස්වර්ගස්ථ වූ ෆැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් අනුප්‍රාප්තිකයෙකු තෝරාගෙන ඇති බව පැහැදිලි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. 

කෙසේවෙතත් නව පාප් වහන්සේ ලෙස තෝරාගෙන ඇත්තේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නොමැති අතර එම පණිවිඩය තවත් නොබෝ වේලාවකින් ලැබෙනු ඇති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here