රෂිකා හෙන්නායක අප්‍රේල් 10, කොළඹ LNW :
Silver Dawn නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.
සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක යෙදෙන අතරතුර මෑතකදී ත්‍රිකුණාමලය සහ ගාල්ල යන වරායන් වෙත ළඟා වී ඇත.
ගාල්ලට පැමිණි සංචාරකයන්ට දකුණු පළාතේ ඓතිහාසික සහ ස්වභාවික ස්ථාන නැරඹීමට අවස්ථාව හිමි වූ බව මෙහි සඳහන් වේ.
තට්ටු 11කින් යුත් මෙම දැවැන්ත නෞකාව සිය සංචාරයේ මීළඟ අදියර ලෙස කොළඹ වරාය වෙත ළඟා වීමට නියමිතව තිබුණි.
මෙම නෞකාව “The Curious and the Sea” නමින් දින 141ක ලෝක සංචාරයක නිරතව සිටින අතර, පසුගිය (07)වැනිදා ත්‍රිකුණාමල වරායට පැමිණීමෙන් අනතුරුව ඊයේ (09) උදෑසන සිට ගාල්ල වරායේ නැංගුරම්ලා තිබුණි.


The post සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය appeared first on LNW Sinhala.
Saru News













