සිරුරේ බර වේගයෙන් අඩු කරන Low carb salad recipes

0
2

නිරෝගී ජීවන රටාවකට උරුමකම් කියන්නට බොහෝ දෙනා සිහින දකිනවා. ආහාර පාලනය මගින් ඒ සිහිනය හරි ම සරල ව සැබෑ කරගන්නට පුලුවන්. ආහාර පාලන ක්‍රමවේද අතර Low carb diet වලට ඇත්තේ සුවිශේෂී ස්ථානයක්. එය බොහෝ දෙනා අතර ජනප්‍රිය ක්‍රමවේදයක් ලෙස හඳුනාගන්නට පුලුවන්. එහිදී කාබෝහයිඩ්‍රේට් ඉතාම අවම වන සේ ආහාර සකසා පරිභෝජනයට ගැනීම සිදු කරනවා. කාර්‍යබහුල ජීවන රටාවත් සමඟ සංකීර්ණ ආහාර වට්ටෝරු සකසා ගන්නට අපහසුතා ඇති ඔබ වෙනුවෙන් ම අපි අද Low carb Salad recipes පහක් ගෙන එනවා

1.Low carb Coleslaw Salad

අවශ්‍ය ද්‍රව්‍ය

  • සිහින්ව ලියාගත් ගෝවා කෝප්පයක්
  • සිහින්ව ලියාගත් කැරට් කෝප්ප කාලක්
  • මයොනීස් සෝස් මේස හැඳි දෙකක්
  • දෙහි යුෂ මේස හැන්දක්
  • ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

සියලු ද්‍රව්‍ය භාජනයකට දමා හොඳින් කලවම් කර ගන්න.

 
2.Low carb Tuna Salad

අවශ්‍ය ද්‍රව්‍ය

  • ටූනා මාලු ටින් එකක්
  • කුඩාවට කැපූ බී ලූණු ගෙඩියක්
  • කුඩාවට කැපූ සැලරි කැබැල්ලක්
  • මයොනීස් මේස හැඳි දෙකක්
  • දෙහි යුෂ මේස හැන්දක්
  • ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

ටූනා ටික කුඩා කැබලි සිටින සේ පොඩි කරගන්න. ඉතිරි සියලු ද්‍රව්‍ය ඊට එක් කර හොඳින් කලවම් කරගන්න.

3.Low carb egg salad

අවශ්‍ය ද්‍රව්‍ය

  • බිත්තර හතරක්
  • කුඩාවට කැපූ ලූණු ගෙඩියක්
  • ඇට ඉවත්කර කුඩාවට කැපූ අමු මිරිස් කරලක්
  • කොටු කැපූ ඉදුණු තක්කාලි ගෙඩියක්
  • දෙහි යුෂ, ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

බිත්තර හොඳින් තම්බා ගන්න. කටුව හැර තරමක් ලොකු කැබලිවලට කපා ගන්න.  ඉතිරි සියල්ල හොඳින් එකට මිශ්‍ර කරන්න. ඊට බිත්තර කැබලි පොඩි නොවන සේ එක් කර කලවම් කරන්න.

4.Low carb vegetable salad

අවශ්‍ය ද්‍රව්‍ය

  • ලොකුවට කපන ලද සලාද කොළ කෝප්පයක්
  • කොටු කැපූ පිපිඥ්ඥා ගෙඩියක්
  • සිහින් තීරු කැපූ කැරට් අලයක්
  • කොටු කැපූ තක්කාලි ගෙඩියක්
  • කුඩාවට කොටු කැපූ අලිගැටපේර පලුවක්
  • ඔලිව් ඔයිල් මේස හැන්දක්
  • අබකුඩු තේ හැඳි කාලක්
  • ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

සියල්ල හොඳින් කලවම් කරන්න.

 
5.Low carb chiken and vegetable salad

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල්මස් 200g
බෝංචි කරල් කිහිපයක්
ගෝවා කැබැල්ලක්
කැරට් අලයක්
ගොටුකොළ ටිකක්
ලුණු සහ ගම්මිරිස්
ඔලිව් ඔයිල් මේස හැන්දක්
තල ඇට මේස හැන්දක්

හදන්නේ මෙහෙමයි

කුකුල් මස් තම්බා කුඩාවට කපාගන්න. එළවලු සියල්ල වාෂ්පයෙන් තම්බා කපාගන්න. ගොටුකොළ කුඩාවට ලියාගන්න. සියල්ල හොඳින් මිශ්‍ර කරන්න.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here