සිරුරේ බර වේගයෙන් අඩු කරන Calorie Diet ගැන දැනුවත් වෙමුද ?

0
15


අපි දන්නවා ඔබට අවශ්‍ය ඉක්මනින් ම   සුන්දර ,නම්‍යශීලී සිරුරක ඉලක්කය සපුරා ගැනීමේ සිහිනය සපුරා ගැනීමටයි. ඉතින් සිරුරේ බර නිවැරදිව පවත්වා ගැනීමට ඔබ විවිධ ක්‍රම අත්හදා බලා තිබෙන්නට පුලුවන්. අපි මේ ලිපියෙන් කියන්නේ ඉතා ඉක්මනින් කෙටි කලකින් ඔබේ සිරුරේ බර අඩු කර ගැනීමට අත්හදා බැලිය යුතු කාරණයක්

මේ ක්‍රමයෙන් නිවැරදි BMI එක පවත්වාගෙන සුන්දර නීරෝගි සිරුරක් ලබා ගන්න පුලුවන්

බොහෝ දෙනාගේ චෝදනාව වන්නේ කෙතරම් ව්‍යායාම කලත් ප්‍රතිඵලයක් නැති බව .එහෙම වෙන්න පුළුවන් ද ?කිසිසේත් ම බැහැ .
අප ව්‍යායාම කරමින් සිදු කරන්නේ ශරීරයේ අනවශ්‍ය කැලරි දහනය කර ගැනීම යි.ඉතින් ඔබේ ශරීරයට  අවශ්‍ය ප්‍රමාණයෙන් කැලරි ලබා ගන්නවා නම් තරබාරු වන ප්‍රමාණය සේම දහනය කළ යුතු ප්‍රමාණයත් අවමයි.ඉතින් මැරි මැරී ව්‍යායාම කිරීමට  කලින් ඒ ගැන දැනුවත් වීම අනිවාර්යෙන්ම සිදුවිය යුත්තක් .ඒ වගේම අනවශ්‍ය තරම් කැලරි පිටතින් ලබා ගන්නවා නම් ඔබ කොතරම් ව්‍යායාම කරත් එයින් පලක් වන්නේ නැහැ .

බොහෝ Health Websites වල  මේ සඳහා Calorie Counter එකක් තියෙනවා .අපට කරන්න තියෙන්නේ ඒ සඳහා අවශ්‍ය දත්ත ලබා දීම යි.ඔබේ ස්ත්‍රී පුරුෂ බව වයස උස,බර වගේ ම ඔබ ගත කරන්නේ මොන වගේ Lifestyle එකක්ද කියලත් එහි තොරතුරු ඇතුලත් කරන්නට ඕන .ඔන්න එවිට එයා කියනවා ඔබට දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණය කොච්චරද කියලා .

ඒ වගේම ඕට්ස් වලින් කැලරි 300ට අඩු උදෑසන ආහාර වේලක් ලබා ගන්න පුලුවන්..හැබැයි ඒ එකින් එක කොපමණ කැලරි ප්‍රමාණයක් ඔබේ ශරීරයට රැගෙන එනවා ද කියාත් ඔබ දැන ගත යුතුමයි .

1.කට්ට සම්බල් – 153
2.අල හොදි             116
3.රතු කැකුළු බත් 216
4.කොළ මැල්ලුම්    32
5.මී කිරි 88
6.ක්‍රීම් ක්‍රැකර් බිස්කට්  500

ඉතින් මේ දැක්වූවෙ  උදාහරණ කිහිපයක් පමණයි .සාමාන්‍යයෙන් වෙබ් සයිට් එකකට ගිහිල්ලා Sri  lankan food Analysis කියල ටයිප් කරන්න එතකොට ඔබ ආහාරයට ගන්නා සෑම ආහාරයකම වගේ කැලරි ප්‍රමාණය දැන ගැනීම ට ඔබට පුළුවන් .

බය වෙන්න දෙයක් නෑ .දැන් අපි යන්නේ හරි පාරේ ඔබේ සිරුරට අවශ්‍ය කැලරි ප්‍රමාණය ඔබ දැන් දන්නවා .ඒ වගේ ම කිසිම විචාරයකින් තොරව මෙතෙක් අනවශ්‍ය  තරමි කැලරි ප්‍රමාණයක් ලබා ගත් බවත් ඔබ දන්නවා .ඔබට දහනය කරන්න තියෙන කැලරි ප්‍රමාණයක් බොහොම අවම එකක් .

ඒ වගේ ම සංකූලතා සහිත පුද්ගලයෙක් නම් අනිවාර්යෙන්ම ඔබට වෘත්තීය උපදෙස් අවශ්‍යම වෙනවා.පොදු ලිපියකින් ඉලක්ක වන්නේ හැම විටම සාමාන්‍ය නිරෝගී මිනිසුන් පමණයි .ඒ නිසා විවිධ සංකූලතා සහිත අයෙක් නම් වෛද්‍ය උපදෙස් හෝ  විශේෂඥ උපදෙස් වලින් තොර ව සිරුරේ බර අඩු කිරීමේ ක්‍රියාවලිය ට අවතීර්ණ වීම සුදුසු නැහැ .

(ග්‍රෑම් 100ක අඩංගු කැලරි)

1.වතුර water – 0
2.කොළ පාට සලාද salad greens-11
3.සුප් soup broth-5
4.මෂ්රූම් mushrooms -22
5.ස්ටෝබෙරි strawberries -32
7.එළවළු සුප් vegetable soup-28
8.පිරිපහදු නොකළ පිටි සහිත ආහාර  whole grain toast-288
9.කොඩ් cod-84
10.බිත්තර eggs-155



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here