ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා මේ වන විට ලෝකයේ ඕනෑ තරම් ක්‍රම භාවිතා කරනවා.විවිධ ව්‍යායාම ක්‍රම, ඩයට් ක්‍රම අනුගමනය කරන ඔබට බොහෝ
පෝෂණවේදීන් අනුමත කරන විවිධ ආහාර වට්ටෝරුත් ඔබේ දෛනික ආහාර වේලට එකතු කර ගන්නට පුළුවන්. ඒ අතරින් බර අඩු කර ගැනීම සඳහා භාවිතා කරන්නට පුළුවන් යුෂ වර්ග ගැනයි මේ ලිපියෙන් ඔබට කියන්නේ
බර අඩු කර ගැනීම සඳහා කැලරි අඩුවෙන් ලබා ගැනීම හෝ වැඩියෙන් කැලරි දහනය කළ යුතු බව ඔබ දැනටමත් දන්නවා.අඩු කැලරි සහිත ආහාර ගන්නවා වගේම දිගු කාලයක් ඔබට පරිපූර්ණ බවක් දැනෙන ආහාර ලබා ගැනීමත් හොඳ උපක්‍රමයක්.පිපිඤ්ඤා යුෂ කියන්නේ ඔබට දිගු වේලාවක් පූර්ණ හැඟීමක් ලබා දෙන පානයක්.එහි අඩංගු අධික ජලය සහ තන්තු අන්තර්ගතය නිසා ඔබේ ශරීරය සජලීයව තබා ගැනීමට වගේම කුසගිනි දැනීම ප්‍රමාදකර වීමටත් හැකියාව තිබෙනවා
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
හදන්නේ මෙහෙමයි
කොමඩු වල මේදය දහනය කිරීමට උපකාරී වන ඇමයිනෝ අම්ල අඩංගු වනවා.ඒ වගේම ඔබේ ශරීරය සජලීයව තබා ගැනීමට කොමඩු යුෂ පානය කිරීම මගින් හැකියාව ලැබෙනවා.ඉඟුරු මගින් ඔබගේ ආහාර දිරවීමේ ක්‍රියාවලිය වේගවත් කරන අතර පරිවෘත්තීය ක්‍රියාවලිය ද දියුණු කරයි
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
හදන්නේ මෙහෙමයි
මෙම යුෂ වට්ටෝරුව ප්‍රතිශක්තිකරණ බූස්ටරයක් ලෙස හඳුන්වන්නට පුළුවන් .මේ සෑම අමුද්‍රව්‍යයක්ම විටමින් වලින් පරිපූර්ණව ඇති අතරම ප්‍රතිඔක්සිකාරක වල විශිෂ්ට ප්‍රභවයන් ද වනවා .ඔබේ ශරීරයේ ඇති විෂ ඉවත් කර බර අඩු කර ගැනීමට මෙය ඉතාමත් හොඳ පානයක්
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
හදන්නේ මෙහෙමයි
මෙම යුෂ පානය කිරීම අපේ උදරයේ මේදය අඩු කර ගැනීම සඳහා වඩාත් උපකාරී වනවා.ඔබේ පරිවෘත්තීය සහ ප්‍රතිශක්තිකරණ පද්ධති වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීම සඳහාද දායක වන මෙම යුෂ පානය බර අඩු කර ගැනීම සඳහා ද හේතු වනවා.ඔබේ ශරීරය සජලීය ව තබා ගැනීමටත් , ඉතා හොඳ පෝෂණ ගුණයක් ලබා ගැනීමටත් මෙම පානයෙන් හැකියාව ලැබෙනවා
අවශ්‍ය වෙන්නේ මේ දේවල්
හදන්නෙ මෙහෙමයි
මෙම යුෂ පානය ඔබේ උදෑසන ආහාර වේලට එකතු කරගන්නට ඔබට පුළුවන්. ඒ වගේම දවස පුරා නිසි පරිදි ජලය පානය කිරීම , හොඳ ව්‍යායාම රටාවක් අනුගමනය කිරීම සහ ආහාර රටාවක් අනුගමනය කිරීම මඟිනුත් ඉතා හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඔබට හැකියාව තිබෙනවා
Saru FM Media