සිරුරේ අධික බර නිසා ඇතිවන ඔබ නොසිතන රෝග 7ක්.

0
10


සිරුරේ අධික බර ඔබ නොසිතන රෝග රාශියකට අත වැනීමක්. ව්‍යායාම් සහ සෞඛ්‍යමත් ආහාර රටාවක් මගින් නියමිත බර පවත්වා ගෙන යන්නට වෛද්‍යවරුන් පවසන්නේත්, අපි ඔබට නිරතුරුවම මතක් කරන්නේත් ඒ නිසාමයි. සිරුරේ අධික බර නිසා ඇති විය හැකි රෝග හතක් පහත ලිපියේ සඳහන් වනවා.

ඔබට උසට සරිලන බරක් තිබේදැයි බලන සරල ම මිනුම BMI (Body Mass Index) අගය යි. ඔබේ බර කිලෝග්‍රෑම්වලින් ලබාගෙන, එය උස මීටරවලින් ලබා ගත් අගයෙහි වර්ගෙන් බෙදීමෙන් BMI අගය ලබා ගත හැක.

BMI අගය අනුව ඔබේ බර සාමාන්‍ය ද නැද්ද යන්න සලකා බැලිය හැක.

සාමාන්‍ය බර : 18.5 – 24.9
අධි බර : 25 – 29.9
ස්ථූලතාව : 30ට වැඩි

පහත වගුවෙන් ඔබේ බර හා උස අනුව BMI අගය පරික්ෂා කරගන්න.

බර වැඩිවීම නිසා ඇතිවීමට වැඩිම අවදානමක් ඇත්තේ හදවත් රෝගයි. අධික බර නිසා කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය ඉහළ යනවා. ඒ කාරණා දෙක ම හදවත් රෝග ඇති වන්නට හේතුවනවා.

දෙවන කාණ්ඩයේ දියවැඩියාව ඇති බොහොම දෙනා අධික බර සහිත අයයි. ඒ අනුව අධික බර දෙවන කාණ්ඩයේ දියවැඩියාව ඇති වීමට හේතුවක් වනවා.

ආහාර මාර්ගයේ පිළිකා, පියයුරු පිළිකා, ගර්භාෂයේ පිළිකා,වකුගඩු පිළිකා වැනි පිළිකා තත්‍ත්ව ස්ථූලතාවට අත වනන බව පර්‍යේෂණවලින් ඔප්පු වී තිබෙනවා.

පිත්තාශයේ ආබාධ ඇතිවන්නටත් අධිබර ප්‍රබල හේතුවක්. එමෙන් ම පිත්තාශයේ ගල් ඇතිවන්නටත් අධික බර හේතුවක් වනවා.

අස්ථි සන්ධි ප්‍රදාහය බහුලව ඇති වන්නේ දණහිස, කොන්ද හෝ උකුල ආශ්‍රිත ව යි. සිරුරේ අධික බර හේතුවෙන් ඉහත ස්ථානවලට යෙදෙන පීඩනය මත මෙම තත්ත්වය ඇති වන්නට පුලුවන්.

රක්තවාතය සඳහා බලපාන ප්‍රධානතම හේතුවක් වන්නේ අධි බරයි. විශේෂයෙන් ම කෙටි කලක් තුළදි සිදුවන බර වැඩි වීම් මේ සඳහා බලපානවා.

Sleep apnea යනු නින්දෙන් ගෙරවීම නිසා හදිසියේ එක වරම හුස්ම ගැනීම නතර වීම නිසා නින්ද කැඩී අවදි වීමයි. මේ නිසා දවස පුරා නිදිබර ස්වරූපයක් පෙන්නුන් කරනවා. මේ සඳහා ද ප්‍රමුඛතම හේතුවක් වන්නේ සිරුරේ අධික බරයි.

මේවාට එකම විසඳුම නියමිත බර පවත්වාගෙන යාමයි. ඔබ අධිබර නම්, එක්වරම බර අඩු කරගැනීම කිසිසේත් ම සුදුසු නෑ. එය ක්‍රමයෙන් විශේෂඥ උපදෙස් මත සිදුකළ යුතුයි. ආහාර පාලනය සහ ව්‍යායාම් මගින් ඔබේ බර නියමිත ආකාරයෙන් පවත්වාගෙන යන්නට පුලුවන්.

අධික බර කිසිසේත් ම සෞඛ්‍යමත් නොවන බවත් , එහි අතුරු ආබාධ ලෙස බොහෝ ලෙඩරෝග වැළඳෙන්නට නියමිත බවත් දැන් ඔබ දන්නවා. රෝග වැළඳුණු පසු වේදනාවට පත් වනවාට වඩා ඉන් වැළකීම යහපත්. නිසි ව්‍යායාමත් සෞඛ්‍යමත් ආහාර රටාවත් මගින් නියමිත බර පවත්වා ගෙන යමින් නිරෝගී ජීවිතයක් ගෙවීමට ඔබට පුලුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here