සිරුරේ අධික උෂ්ණාධික බව අඩු කර ස්ත්‍රීන්ගේ සරු බව ඉහළ දමන පෝෂණීය ආහාර.

0
2

ඔබ දරුවෙක් පිළිසිඳ ගැනීමක් අපේක්ෂා කරනවා නම් ඔබට හොඳ ආහාර පුරුදු තිබිය යුතුමයි. ඔබේ සිරුරේ ඇති පෝෂණය සහ සිරුරේ උණුසුම් ගතිය අඩුවීම දරුඵල ලබා ගැනීම ඉක්මන් කරන බව ඔබ දැනගෙන හිටියා ද?

ඒ වගේම ආයුර්වේදයට අනුව ඔබ දරුවෙක් අපේක්ෂා කරනවා නම් දවසේ ආහාර වේල් තුන ලබා ගන්නා වෙලාව හැමදාමත් එකම වෙලාවක් කර ගන්න.එහිදී උදෑසන ආහාරවේල අනිවාර්යයෙන් ලබා ගැනීමත්,දිවා ආහාරය 11-12 අතර වෙලාවක ලබා ගැනීමත් රාත්‍රී ආහාර වෙලාව ප්‍රමාද වී නොගෙන අඳුර වැටෙන්නට පළමු ලබා ගැනීමත් වැදගත්. එකම වෙලාවකට ආහාර ගැනීමෙන් ශරීරයේ පෝෂක ලබා ගැනීම එකම පිළිවෙලකට හැඩ ගැසීමට හේතුවක් වෙනවා.

ඒ වගේම ෂඩ් රසයෙන් යුතු ආහාරයක් හෙවත් සමබල ආහාර වේලක් ලබා ගැනීමත් හරිම වැදගත්.

ඉතින් ඔබ සරු බව වැඩි කරන ආහාර ගැන සැලකිලිමත් නම් මේ ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගත යුතුමයි.

ව්‍යාංජන වර්ග

  • නෙළුම් දඬු
  • කොහිල දලු
  • හිඟුරල
  • කොස්
  • පොලොස්
  • අලු පුහුල්
  • දිය ලබු
  • වැටකොලු
  • පතෝල
  • වට්ටක්කා
  • අළු කෙසෙල්
  • බතල

ධාන්‍ය වර්ග

  • සුවදැල්
  • කහවණු
  • කුරුළුතුඩ
  • මඩ තවාලු
  • ඇල්හාල් වැනි දේශිය සහල්
  • බාර්ලි
  • මුං ඇට
  • පරිප්පු
  • උඳු
  • කව්පි

පලා වර්ග

  • සාරණ
  • නිවිති
  • තම්පලා
  • කෙකටිය
  • කංකු
  • කිරි අඟුණ
  • කතුරුමුරුංගා
  • ගෙඳ
  • මිංචි

පළතුරු

  • රටඉඳි
  • කජු
  • ආමන්ඩ්
  • මුද්දරප්පලම්
  • කෙසෙල්
  • අඹ
  • ඉදුණු ගස්ලබු
  • නමිනං
  • ලාවුළු
  • නෙල්ලි
  • දෙහි,දොඩම්,නාරං,ලෙමන්
  • මිදි
  • දෙළුම්
  • තැඹිලි
  • බෙලි
  • පේර
  • අලිගැටපේර – ගර්භාෂයේ හැඩය ගන්නා පළතුරක් නිසාම අලිගැටපේර ඉතාම ගුණදායක බව පැවසෙනවා
  • කොමඩු
  • ඇඹරැල්ලා

පාන වර්ග

  • එළකිරි
  • සව්කැඳ
  • මුං ඇට කැඳ
  • නෙළුම් අල කැඳ
  • කොළ කැඳ – හාතවාරිය,ඉරමුසු, ගොටුකොළ,එළකටරොලු
  • බාර්ලි තැම්බූ වතුර
  • කිරි කැඳ

සත්ව ආහාර

  • එළකිරි – දිනපතා භාවිතය ඩිම්බ නිෂ්පාදනයට වැදගත්.සෙම අමාරු ඇත්නම් ඉඟුරු කෑල්ලක්,ගම්මිරිස් ඇට කිහිපයක් යොදා උණු කර පානය කරන්න
  • එළඟිතෙල්
  • චීස්
  • බටර්
  • යෝගට්
  • මීකිරි
  • කුඩා මාළු
  • ගම් කුකුළු මස්
  • එළු මස්
  • බිත්තර

නමුත් සත්ව ප්‍රෝටීන්වලට වඩා ශාක ප්‍රෝටීන් ඉතා හිතකර බව තමයි ආයුර්වේදයේ පැවසෙන්නේ.

නොගත යුතු ආහාර

  • කෝලා බීම
  • මධ්‍යසර
  • කෝපි බහුලව භාවිතා කිරීම
  • ඉන්සියුලින් මට්ටම වැඩිකරන ආහාර – පිටි ආහාර, පිරිපහදු කළ සහල්, සීනි බහුලව ඇති ආහාර
  • අර්තාපල් බහුලව භාවිතා කිරීම
  • සෝයා වැනි ජාන වෙනස් කළ ආහාර
  • ටින් ආහාර
  • අජිනමොටො එකතු කළ ආහාර
  • රතු මස් – හරක්මස්
  • දුම් පානය කිරීම හෝ මත්පැන් පානය

මේ ආහාර පිළිවෙල නිවැරදිව පවත්වා ගැනීම ඔබේ ගර්භාෂයේ සරු බව සහ සිසිල් බව වැඩි දියුණු කර සිරුරේ පෝෂණය ඉහළ දමා ඔබේ සිහිනය ඔබ වෙත ඉක්මනින් ළඟා කරන්නට හේතු වේවි.

තොරතුරු සැපයීම

රුචිරා නිශ්ශංක
බී.ඒ.එම්.එස්(ගෞරව )කොළඹ විශ්ව විද්‍යලය
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී(වැලිමඩ )

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here