සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, අනුව එම කාල වේලාව පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා සංශෝධනය කල බවයි දළදා මලිගවා නිවේදනය කළේ.
මීට පෙර එම කාලසීමාව පැවතුණේ දහවල් 12.00 සිට සවස 5.30 දක්වායි.
සිරි දළදා වන්දනාව පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව වැඩිවී තිබීම හේතුවෙන් එම කාලවේලාව සංශෝධනය කිරීමට තීරණය කළ බවයි ශ්‍රී දළදා මාළිගාව නිවේදනය කළේ.

Saru FM Media