සිරි දළදා වන්දනාවේ සිව්වන දිනය අදයි – මහනුවර මහනගර සභාවෙන් සැදැහැවතුන්ට දැනුම් දීමක්

0
7


ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කර දෙමින් ආරම්භ වූ “සිරි දළදා වන්දනාව” අද සිව්වන දිනටත් පැවැත්වෙනවා. 

ඒ අනුව අද දහවල් 12.00 සිට පස්වරු 05.30 දක්වා දළදා වන්දනාවට සැදැහැවතුන්ට අවස්ථාව උදා වනු ඇති.

ලක්ෂයකට තුනකට අධික සැදැහැවතුන් පිරිසක් ඊයේ දිනය වන විට දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. 

අද දිනයේදී දළදා සමිඳු වැඳපුදා ගැනීමේ අපේක්‍ෂාවෙන් අති විශාල පිරිසක් මේ වන විටත් දිගු පෝළිම්වල රැඳී සිටිනවා. 

ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීරගෙන්.  

Neth Sound · COR KAMAL 06.25

මේ අතර දළදා වහන්සේ වන්දනා මාන කිරීමට පැමිණෙන සැදැහැවතුන් රැගෙන එන අපද්‍රව්‍ය නිසි ආකාරයෙන් පරිසරයට බැහැර කරන ලෙසයි මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Neth Sound · KANDY INDIKA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here