“සිරි දළදා වන්දනාව” මහජන ප්‍රදර්ශනයට මීට ස්වල්ප මොහොතකට පෙර විවෘත වුණා.
ඒ මෙහි සමාරම්භක අවස්ථාව එක්වෙමින් ජනාධිපති අනුරකුමාර දිසානායක දළදා වහන්සේ වැඳපුදාගෙන නික්ම යෑමෙන් අනතුරුවයි.
අද (18) පස්වරු 5:30 දක්වා ශ්‍රී දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවනවා.
අනතුරව හෙට (19) දින සිට 27 වැනිදා දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෑතකාලීන ඉතිහාසයේ, 1828, 1882, 1972, 1978, 1991, 1995, 2001, 2004 සහ අවසන් වරට 2009 වසරේදීත් සිරි දළදා වන්දනාව පැවැත්වුණා.
මේ අතර “සිරි දළදා වන්දනාව“ සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අද (18) සිට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මකයි.
සිරි දළදා වන්දනාව වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට මහනුවර දක්වා විශේෂ බස් රථ යොදවා තිබෙනවා.
මෙම සේවාව ලබන 29 වනදා දක්වා ක්‍රියාත්මකයි.
එසේම “සිරි දළදා වන්දනාව” වෙනුවෙන් පොලීසිය විසින් රථ වාහන කළමනාකරණය සහ උපදෙස් පද්ධතියක් හඳුන්වාදී තිබෙනවා.
Saru FM Media