සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ වැඩි වීමක්

0
10


“සිරි දළදා වන්දනාව” සඳහා බැතිමතුන්ගේ පැමිණීමේ වර්ධනයක් අද දිනයේ අපේක්ෂා කරන බව පොලීසිය පවසනවා. 

එබැවින් අද දිනය මඟහැර “සිරි දළදා වන්දනාව” සඳහා වෙනත් දිනයක් යොදා ගැනීමට කටයුතු කරන ලෙසයි පොලීසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ. 

ඒ, බැතිමතුන්ට අපහසුතාවයකින් තොරව වන්දනාමාන කර ගැනීමට හැකියාව ලබාදීමේ අරමුණෙන්. 

මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය නෙත් නිවුස් වෙත කියා සිටියේ පැමිණෙන බැතිමතුන් සඳහා අවශ්‍ය උපරිම සේවාවන් සැපයීමට පියවර ගෙන ඇති බවයි.

Neth Sound · KANDY INDIKA 02

ඉකුත් 18 වනදා ආරම්භ වූ සිරි දළදා වන්දනාව සඳහා ඊයේ පස්වරු වන විට අති විශාල බැතිමතුන් පිරිසක් පැමිණ තිබුණා. 

අද දිනයේ “සිරි දළදා වන්දනාව” සිදුකර ගැනීම සඳහා ඊයේ සවස 06.00 වන විට පැමිණ සිටි බැතිමතුන් සංඛ්‍යාව 80,000කට අධිකයි. 

අද උදෑසන වන විට එම සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා යනු ඇති බවටයි පොලීසිය අපේක්ෂා කරන්නේ. 

අද දහවල් කාලය වන විට එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බැවින් අද දිනය හැර ඉතිරි දින හතරෙහි “සිරි දළදා වන්දනාව” සිදු කරගන්නා ලෙස පොලීසිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here