සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග මෙන්න

0
13


සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග ගැන දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග වන්නේ,

1. ඞී.එස්. සේනානායක වීදිය දෙස සිට (ත්‍රිකුණාමල වීදිය) ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය.

2. රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (සංඝරාජ මාවත) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය.

3. රතු බෝක්කුව දෙස සිට මහනුවර වැව රවුම (මාලිගාව පෙදෙස) හරහා ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් ස්ථාපනය කර ඇති පෝලිම් මාර්ගය.

සිරි දළදා වන්දනාව එළැඹෙන අප්‍රේල් මස 18 වැනිදා ආරම්භ වෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here