සිරිසේන නිදහස් කළ රෝයල් පාක් මිනීමැරුමේ විත්තිකරු සිංගප්පූරුවෙනුත් පැනලා

0
10


රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී, පසුව ජනාධිපති සමාව යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිදහස් කරනු ලැබූ ජූඩ් ශ්‍රිමන්ත නැමති විත්තිකරු මේ වනවිට සිංගප්පූරුවේ නොමැති බව එරට බලධාරීන් විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.
රෝයල් පාක් මිනීමැරුම් සිද්ධියේ මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට අදාළ පෙත්සමක් ඊයේ (29) කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර විසින් මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ කැඳවූයේ එම වග උත්තරකරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතුවලට අදාළ ප්‍රගතිය විමසා බැලීම සඳහාය.
ඒ අනුව මෙම වගඋත්තරකරු රැඳී සිටින්නේ කුමන රටක දැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව රජයේ නීතිඥයා අධිකරණයට දැනුම් දී ඇත.
මෙම වගඋත්තරකරු සොයා ගැනීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා සඳහන් කර ඇත.
පෙත්සම යළි ජූලි මස 28 වන දා කැඳවීමට නියම කර ඇති ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් රජයේ නීතිඥයාට නියෝග කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here