සිරියාවට විදුලිය බිඳ වැටෙයි

0
10


සිරියාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාන කිහිපයක ඇතිවූ දෝෂ හේතුවෙන් විදුලිය බිඳ වැටීම සිදු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේනමුත් පද්ධතියට එල්ල වූ ප්‍රහාරයක් විදුලිය බිඳ වැටීමට හේතුවී ඇති බවට පළවන වාර්තා සිරියානු බලධාරීන් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සිරියාව මේ වන විට ඉන්ධන අර්බුධයකටද මුහුණ දෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කළා.

මීට පෙර විදුලිය උත්පාදනය කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ඉරානය විසින් සිරියාවට ලබාදී තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here