ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය දැයෙන් සමුගෙන හෙටට (10දා)ට වසර 25ක් සම්පූර්ණ වෙයි
1960 ජූලි මස 19වැනි දින ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය, රටවල් සියයකට ආසන්න සාමාජිකයන් සතුවූ නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ සභාපතිනිය ලෙස ලෝකයම අපේ මව්බිමට දිනාදුන් නායිකාව, තමන්ට පරම්පරාවෙන් උරුමවූ අක්කර තුන්දහසකට අධික ප්‍රමාණයක් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කළ, රාජ්‍ය සංස්ථා සියයකට ආසන්න සංඛ්‍යාවක් පිහිටුවීමෙන් සහ කච්චතිව් දූපත අප රටට ලබාදුන් විශිෂ්ට සේවාවක් සිදුකළ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 2000 ඔක්තෝම්බර් මස 10වැනි දින දැයෙන් සමුගෙන 2025 ඔක්තෝම්බර් මස 10වෙනි දිනට වසර 25 සපිරෙයි.
25වන ගුණානුස්මරණ පිංකම නිමිත්තෙන් ගරුතර මහා සංඝරත්නය උදෙසා දහවල් දානමය පිංකම හා සංඝගත දක්ෂිණාව කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා හා පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් කාන්තා පෙරමුණ නිලධාරී මණ්ඩලයේ හා පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.
Saru FM Media