සිරිකොත එජාප මූලස්ථානය අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ යෙදවීම තුළින් රජයට රුපියල් මිලියන 1.6කට අධික පාඩුවක් සිදු කළේ යැයි අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියම කර තිබේ.
පැමිණිල්ල යළි දෙසැම්බර් මස 09 වනදා කැඳවීමට ද නියම කෙරිණ.
Saru FM Media