ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර විජේදාස දූෂණ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (16දා) අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුගේ සේවා කාලය තුළ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත අලුත්වැඩියා කිරීමට යෙදවීමෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් 1,667,294.87 ක පාඩුවක් සිදුකිරීම සහ එක්සත් ජාතික පක්ෂයට අයුතු ලාභයක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Saru FM Media