සැකකරුවෙකු හෝ සිරකරුවෙකු විශේෂ බන්ධනාගාරයක රඳවා තබාගැනීම සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දීමක් කර තිබේ.
එමෙන්ම යම් සැකකරුවෙකු හෝ සිරකරුවෙකුට විශේෂ ආරක්ෂාව ලබා දෙන ලෙස ද නියෝග නොකළ යුතු බවද අධිකරණ සේවා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටී.
රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති සැකකරුවන් සහ සිර දඬුවම් විඳින සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවස්ථානුගත කරුණු යටතේ අධිකරණ නියෝග නිකුත් කිරීමේදී මහේස්ත්‍රාත්වරුන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
2012 වර්ෂයේ මැයි මස 11 වන දින නිකුත් කර ඇති චක්‍රලේඛය යාවත්කාලීන කරමින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.
මහේස්ත්‍රාත්වරුන් විසින් කිසිඳු සැකකරුවෙකු හෝ සිරකරුවෙකු බන්ධනාගාර ගතව සිටින කාලය තුළ ඔවුන්ගේ පවුල්වල විශේෂ අවස්ථාවන්ට සහභාගී වීමට හෝ වෙනත් කටයුත්තකට බන්ධනාගාරය මගින් ඔවුන්ගේ නිවෙස්වලට හෝ වෙනත් ස්ථානයකට රැගෙන යන ලෙස නියෝග නිකුත් නොකළ යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.
සමීප ලේ ඥාතීන්ගේ අවමගුල් අවස්ථාවන්වලදී ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝග හා රෙගුලාසිවලට අනුව එම සැකකරුවන් හා සිරකරුවන් අවශ්‍ය ස්ථානවලට රැගෙනයාම බන්ධනාගාර අධිකාරීවරයාගේ මෙහෙයවීම මත සිදු කළ යුතු වේ.
ඊට අමතරව සැකකරුවන් හෝ සිරකරුවන් වෛද්‍ය ප්‍රථීකාර ලබා දෙන මෙන් ඉල්ලීම් කරනු ලබන අවස්ථාවන්හීදි එම ඉල්ලීම් බන්ධනාගාර වෛද්‍යවරයා වෙත යොමු කළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව අදාළ චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී ඇත.
Saru FM Media