සියළු සත්වයන්ට මෛත්‍රී කිරීම දේශනා කළ දිනය අදයි

0
2


ලොව පුරා ජනතාව මහත් උනන්දුවෙන් සමරන බුදුන් වහන්සේගේ සම්බුදු තෙමගුල් වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය අදට (12) යෙදී තිබේ.

බෝසතානන් වහන්සේගේ උපත, බුදුවීම සහ පිරිනිවන් පෑම සිදු වූ වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය ශ්‍රී ලාංකික ජනතාව පමණක් නොව, ලොව පුරා විසිරී සිටින බෞද්ධ මෙන් ම අබෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වී තිබේ.

වෙසක් පොහෝ දින සැමරීම වෙනුවෙන් වියට්නාමයේ පැවැත්වූ ජාත්‍යන්තර සමුළුවට ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වූ පසුබිමක මෙවර වෙසක් දින සැමරුම ශ්‍රී ලාංකික ජනතාවට විශේෂ ගෞරවයක් ද එක්කර තිබේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here