“සියවස් මිතුදමක සෞභාග්‍යවත් අනාගතයකට බැඳීමක්” ඉන්දීය අගමැතිගේ සම්ප්‍රාප්තිය හෙට

0
11


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හෙට (04) සන්ධ්‍යාවේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර “සියවස් මිතුදමක සෞභාග්‍ය වත් අනාගතයකට බැඳීමක්” (Friendship Of Centuries Commitment to Prosperous Future) යන සංකල්පය තහවුරු කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍රt මෝදි මහතා මෙවර සංචාරයේ නිරත වනවා.

ඉන්දියානු අග්‍රාමාත්‍ය සමඟ ඉන්දියානු විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ඇතුළු නියෝජිත පිරිසක්ද මෙම සංචාරයට එක්ව තිබෙනවා.

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය අප්‍රේල් 05 වනදා පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයෙදී පැවැත්වෙයි.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා,එදින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වීමටත්,ද්වීපාර්ශ්වික නියෝජිතයන් අතර පැවැත්වෙන හමුවට සහභාගී වීමටත් සැලසුම් කර තිබෙනවා.

මෙහිදී බලශක්ති, ඩිජිටල්කරණ, ආරක්ෂක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් සහ ඉන්දියාව සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරන අදාළ ගිවිසුම් හුවමාරු කර ගනු

ඉන්දියානු සහයෝගීතාවෙන් සිදු කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමත්, උෂ්ණත්වය සහ අන්ද්‍රතාවය පාලනය කළ හැකි මෙට්‍රික් ටොන් 5,000ක ධාරිතාවකින් යුත් දඹුල්ල කෘෂිගබඩා සංකීර්ණය (ශීතාගාර ව්‍යාපෘතිය) හා ඉන්දියානු පරිත්‍යාගයක්ලෙස ලැබුණු ආගමික ස්ථාන 5000ක හෙවිලි මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යපෘති විවෘත කිරීමත්ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙහිදී සිදු කළා.

එසේම, ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර ශ්‍රී මහා බෝ සමිඳුන්වැඳපුදා ගැනීමටත්, ඉන්දියානු රජයේ ප්‍රධානයක් ලෙස ස්ථාපිත කරන ලද මහව-අනුරාධපුර දුම්රිය සංඥා පද්ධතිය සහ නවීකරණය කරන ලද මහව- ඕමන්ත දුම්රිය මාර්ගය නිල වශයෙන්විවෘත කිරීමටත් සැලසුම් කර තිබෙනවා.

මේ අතර අප්‍රේල් 4 වනදා සවස 6ත් රාත්‍රී 10ත් කාලය අතරතුර කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය මෙන්ම බේස්ලයින් මාර්ගය ද වරින්වර වසා දැමීමට සිදුවෙනවා.”

“මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන පුද්ගලයන්ට මෙම මාර්ග වසාතැබීම ගැන අවධානය යොමු කරමින් තමන්ගේ ගමනාගමන කටයුතු සැලසුම් කරගන්නා ලෙසටත් දැනුම්දෙනවා.”

“අප්‍රේල් 5 වනදා කොළඹ ගාලුමුවදොර ප්‍රදේශය, නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය, බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ මාර්ග වරින්වර වසා දැමීමට සිදුවෙනවා.”

“මෙම විශේෂ රථවාහන සැලැස්ම සඳහා සහාය දක්වන ලෙස ශ්‍රී ලංකා පොලීසිය සියලුම රියදුරන්ගෙන් මෙන්ම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here