සියලු රටවල ක්‍රිකට් ලෝලීන් අනුරට බැල්ම හෙලයි… – Saru News | සිංහල

0
2

ලොව පුරා විසිරී සිටින ක්‍රිකට් ලෝලීන්ගේ සුවිශේෂි අවධානය ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර දිසානයක වෙත යොමු වී ඇති බව නිරීක්ෂකයින් පෙන්වා දෙති.

මෙට හේතු වී ඇත්තේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තියුණු ක්‍රිකට් තරඟයක් නැරඹීමට ලෝකයේම ක්‍රිකට් ලෝලීන්ගේ අවධායක් යොමු වී තිබීමය.

T20 ලෝක කුසලාන තරඟවාලියේදී ඉන්දියාව සමග තරඟ නොවදින බව පකිස්ථාන රජය මීට පෙර නිවේදනය කර තිබිණි. එම අවස්ථාව ලෝකයේම සිටින ක්‍රිකට් ලෝලීන්ගේ කනස්සල්ලට හේතු වූ අතර දේශපාලනික වශයෙන් ගත් කළ දකුණු ආසියානු රටවල් දෙකක් අතර ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට බාධා කිරීමට තරම් පස මිතුරුතා ගොඩ නැගීමක්ද වී තිබිණි. මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර දිසානායක පකිස්ථානු අගමැති ෂෙබාස් ෂරීෆ් සමග සෘජුවම දුරකථනයෙන් කථා කර ගැටළුව විසඳනු ලැබීය.

එසේ නොවන්නට මෙම ක්‍රිකට් දැවැන්තයින් දෙදෙනා අතර පැවැත්වෙන තියුණු තරඟයක ආශ්වාදය විඳ ගැනීමට ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව අහිමි වී යාමට ඉඩ තිබිණි.

මෙම ලෝකු කුසළාන තරඟ සඳහා කලින් සැලසුම් කර තිබූ පරිදි සුදුසුකම් ලත් සියලුම රටවල් සහභාගී වීමෙන් ක්‍රීඩා ගෞරවය සහ උද්යෝගය ඉහළම තලයකට පැමිණ තිබේ. මේ පිළිබඳව විදේස් රටවල ක්‍රීඩා විචාරකයින්ගේ නොමද ආශ්වාදයද පලකෙරෙමින් පවතී.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here