සියලු මර්දන නීති වහා හකුළා ගනිව් – අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට අදත් විරෝධයක්! (PHOTOS)

0
2

කොළඹ LNW: සියලුම ත්‍රස්ත පනත් හකුළා ගන්නා ලෙස බලකරමින් අදත් (06) දවස පුරා අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක් පැවැත්විය.

දේශපාලන පක්ෂ,සිවිල් ක්‍රියාකාරිකයින් ඇතුළු පාර්ශවයන්හි සහභාගීත්වයෙන් එය සංවිධානය කර තිබුණි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත මෙන්ම ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත නව සංශෝධිත පනතද වහා හකුළා ගන්නා ලෙසයි එහිදී බලකෙරුණේ.

එම නීති සියල්ල මර්දන නීති ලෙස ඔවුහු පෙන්වා දෙති. පසුගිය 30 වැනිදාද අධිකරණ අමාත්‍යාංශය ඉදිරිපිට දී මෙම විරෝධය පැවති අතර ඔවුන් අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙනයාමට අදහස් කරගෙන සිටියි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here