සියලු ආගම්වලට මෙන් ම සියලු සංස්කෘතීන්වලට ගෞරව දැක්වීම හා නිසි තැන ලබා දීම, අධ්‍යාපන ක්‍රමය තුළින් ම ප්‍රචලිත කර සමාජගත කළ යුතු බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති නවරාත්‍රී උත්සව සැමරුමට සහභාගි වෙමින් ප්‍රකාශ කළා ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය කියා සිටියේ,
“ලස්සන අගය කරන, ගීතිකා පූජා පවත්වා ආදරය සතුට පතුරවන අද වැනි දවසක බෙදාහදාගැනීම, එකමුතුකම වැනි යහ ආකල්ප කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි.”
අමාත්‍යාංශයේ දමිළ පාසල් කටයුතු අංශය මගින් සංවිධානය කර තිබූ මෙම උත්සව අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ලේකම් නාලක කලුවැව මහතා, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් මෙන් ම කාර්ය මණ්ඩලය ද එක් ව සිටියහ.
Saru FM Media