අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සියලු දුම්රිය ධාවනයන් සඳහා බාධා එල්ල වී ඇති බව දැනුම් දී ඇත.
මුහුදුබඩ දුම්රිය මාර්ගයට සහ කැලණිවැලි දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගවල දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව සඳහන් වේ.
එමෙන්ම උතුරු දුම්රිය මාර්ගය වැල්ලව ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇති අතර පුත්තලම මාර්ගයේ දුම්රිය මාර්ගයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව – බදුල්ල අතර ධාවනය වන සියලු දුම්රිය නැවත දැනුම්දෙන තුරු නානුඔය දක්වා පමණක් ධාවනය කරවීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
Saru FM Media









