සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ

0
14


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද සිට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වන තෙක් ඔවුන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවයි තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ.

Neth Sound · POST RUWAN 01

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු ලබන 16 වනදා සිට ලබන 29 වනදා දක්වා සිදු කරන අතර ලබන 20 වන ඉරිදා දින නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස නම් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here