සින්ක් එක හිරවුනොත් මෙහෙම කරන්න

0
12


නිවසේ සින්ක් නැතිනම් අපද්‍රව්‍ය බැහැර කෙරෙන කාණු පද්ධතිය අවහිර වුනොත් ඉන් සිදු වන්නේ නිවසේ සියලු දෙනා අපහසුතාවයට පත්වීමයි. ඒ වගේම තමයි මේ තත්ත්වය නැති කර ගන්න කාර්මික ශිල්පියකුගේ සහය ලබා ගන්න සිදු වෙනවා වගේම ඊට තරමක වියදමක්ද දැරීමට සිදු වෙනවා.

අපට පුළුවන්නම් කාණු පද්ධතිය හරි සින්ක් එකේ නල මාර්ගය හරි මේ ආකාරයට අවහිර වෙන එක වළක්වා ගන්න එය මුදල කාලය ඉතිරිකරනවා වගේම නිවැසියන් අපහසුතාවයට පත්වීමෙනුත් ආරක්ෂා වෙනවා.

මේ තියෙන්නේ ඒ අකාරයට මේ දෙකම අවහිර නොවී තබා ගන්න හැකි පුංචි උපක්‍රමයක්. මේ සඳහා අවශ්‍ය වෙන්නේ බේකින් සොඩා කෝප්ප තුන් කාලක්, සුදු පැහැති විනාකිරි කොප්ප තුන් කාලක්. මේ අමුද්‍රව්‍ය දෙක හොඳින් මිශ්‍ර කරලා හිරවුන ස්ථානයට යොදන්න අවශ්‍යයයි. එවිට හිරවෙලා තියෙන අපද්‍රව්‍ය පහසුවෙන්ම ගැලවිලා යනවා. මේ මිශ්‍රණය අදාල ස්ථානයට යොදලා පැයක් තියන්න ඕන. හැබැයි සම්පුර්ණ රාත්‍රියක්ම තියන්න පුළුවන්නම් ලැබෙන වාසිය වැඩියි. මේ මිශ්‍රණය යොදලා ඉන් පසුව උණුසුම් ජලය යොදා සොදා හරින්නත් අවශ්‍යයයි.

– එරන්දතී –



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here