විස්සයි -20 තුන්කොන් ක්‍රිකට් තරගාවලිය
බ්‍රයන් බෙනට් ගේ සහ සිකන්ද රාසා ගේ විශිෂ්ට පිතිහරඹයත්, ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වල පිතිකරණයත් හේතුවෙන් ශ්‍රී ලංකාව, සිම්බාවේ සහ පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්කොන් විස්සයි – 20 තරගාවලියේ දෙවැනි තරගය වූ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 67ක පහසු ජයක් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.
පෙරේදා (20 දා) රාවල්පිණ්ඩි හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 162ක් ලබාගැනීමට සමත්වුවද, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගැනීමට හැකියාව ලැබුණේ නියමිත පන්දු වාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 95ක් වීම හේතුවෙන් ලකුණු 67ක පහසු ජයක් සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවිය.
සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී බ්‍රයන් බෙනට් ලකුණු 49ක් සහ සිකන්ද රාසා ලකුණු 47ක් ලැබීය.
පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 32කට කඩුලු 3ක් සහ එෂාන් මාලිංග ලකුණු 27කට කඩුලු 2ක් බිඳහෙළීය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී දසුන් ශානක ලකුණු 34ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 11ක් ලැබීය.
පන්දු යැවීමේදී බ්‍රැඩ් එවන්ස් ලකුණු 9කට කඩුලු 3ක් සහ රිචර්ඩ් නගරාවා ලකුණු 15ක කඩුලු 2ක් දවාලීය.
තරගයේ වීරයා ලෙස සිකන්ද රාසා සම්මාන ලැබීය.
සිසිර ඉන්ද්‍රජිත්
සංස්කරණය – සුසිල් ජයකොඩි
Saru FM Media









