සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට රටම සූදානම්

0
10


තවත් හෝරා කිහිපයකින් උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිගැනීමට ජනතාව මහත් උද්යෝගයෙන් සූදානම් වනවා.

රෙදිපිළි මෙන්ම නිවසට අවශ්‍ය බඩු බාහිර ආදිය මිලදී ගැනීමට පැමිණෙන ජනතාවගෙන් බොහෝ මාර්ග පිරී පවතිනවා.

රෙදිපිළි සඳහා ප්‍රසිද්ධියක් උසුලන මහරගම,පමුණුව ප්‍රදේශය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පිටකොටුව ආශ්‍රිත රෙදි පිලි වෙළදසැල්ද ජනාතාවගෙන් පිරී පවතිනවා.

සාධාරණ මිල ගණන් යටතේ මෙවර අවුරුද්දේදී රෙදි පිළි ඇතුලු භාණ්ඩ මිලදී ගත හැකි බවයි ජනතාව පවසන්නේ.

රස කැවිළි මිලදී ගැනීමට ද ජනතාව පෝලිම් රැදි සිටින ආකාරය දැකගත හැකියි.

මේ අතර පසුගිය දින කිහිපයේම ගම්බිම් බලා යන ජනතාවගෙන් කොටුව දුම්රිය පොල මෙන්ම බස්නැවතුම්පොළ පිරී තිබුණා.

අද දිනයේත් විශේෂ දුම්රිය සේවා සහ දෛනික සේවා ක්‍රියාත්මක වුවද කොටුව දුම්රිය ස්ථානය අද දක්නට ලැබුනේ පාලු ස්වභාවයක්.

විශේෂ බස් රථ සේවාද පසුගිය දින කිහිපයේදීම ක්‍රියාත්මක වුණා.

ජනතාව පෝලිම්වල රැඳී සිටිමින් ගම්බිම් බලා යන ආකාරය දැකගත හැකි වුවද අද දිනයේ එතරම් තදබදයක් තිබුණේ නැහැ.

කෙසේ වෙතත් බස්රථ සේවා අද දිනයේද ක්‍රියාත්මක කෙරෙනවා.

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිටද අද දිනයේත් විශේෂ බස් සේවා ක්‍රියාත්මක කෙරෙනවා.

ගම්බිම් බලා යාමට පැමිණි ජනතාවගෙන් එම මධ්‍යස්ථානය අද දිනයේත් පිරී පැවතුනා.

අධිවේගී මාර්ගයේ බස් රථ සේවා සාමාන්‍ය පරිදි පවතින බවයි ජනතාව පවසන්නේ.

හෙට දිනයේත් ගමනාගමන පහසුකම් සලසා ගැනීමට ජනතාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණිය හොත් බස් රථ යෙදවීමේ හැකියාව පවතින බවයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here