සිංහල, දෙමළ ජනතාව මහත් උනන්දුවෙන් අවුරුදු සමරයි

0
11


සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මහත් උනන්දුවෙන් ජනතාව අද සමරනු ලැබුවා. 

ඒ, නැකැත්වලට මුල්තැන දෙමින්. 

ඒ අනුව ඊයේ රාත්‍රී 08.57ට උදා වූ පුණ්‍ය කාලය තුළදී ජනතාව ආගමික වතාවත්වල නිරත වුණා. 

ඇතැම් ජනතාව අද පෙරවරුවේ ද වෙහෙර විහාරස්ථානවලට ගොස් ආගමික වතාවත්වල නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.  

මෙවර අලුත් අවුරුද්ද අද අලුයම 03.21ට උදා වුණා. 

ඉන් අනතුරුව ආහාර පිසීමේ නැකත උදා වුණේ අලුයම 04.04ටයි. 

තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි  වර්ගයක් ද දීකිරි සහ විලඳ ද ජනතාව පිළියෙල කරගනු ලැබුවා. 

මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීම උදෑසන 06.44ට සිදුකළා.
 

මේ අතර වෙනදාට කාර්යබහුලව පැවති කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ අද පාලු ස්වභාවයක් ගෙන තිබුණා. 

ඒ, බොහෝ ජනතාව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා යාම හේතුවෙන්. 

කටුනායක සහ ඒ අවට ප්‍රදේශවල තොරතුරු සොයා බැලූ නෙත් නිවුස් වාර්තාකරු ටී.කේ.ජී. කපිල.

Neth Sound · COR KAPILA 01

කළුතර සහ අවට ජනතාව අවුරුදු සැමරූ ආකාරය පිළිබඳ තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු සැම්සන් ප්‍රේමසිරිගෙන්.

Neth Sound · COR SEMSON 01

ගාල්ල සහ අවට ප්‍රදේශවල මේ වන විට අවුරුදු උත්සව කිහිපයක් ක්‍රියාත්මකයි. විදේශීය සංචාරකයන් වෙනුවෙන් ද අවුරුදු උත්සව කිහිපයක්  මේ වන විට ක්‍රියාත්මක බවයි නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ.

Neth Sound · COR RAVEENDRA 01

මාතර සහ අවට ප්‍රදේශවල තොරතුරු නෙත් නිවුස් වාර්තාකරු ටී.කේ. මහින්දගෙන්.

Neth Sound · COR TK 01

මහනුවර සහ ඒ අවට ප්‍රදේශවල සිංහල, දෙමළ ජනතාව ද මහත් උනන්දුවෙන් අවුරුදු සැමරූ බවයි නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ. 

Neth Sound · COR KAMAL 01

මේ, වතුකරයේ ජනතාව අවුරුදු සැමරීම පිළිබඳව වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු සමන් පාලිත නානායක්කාර. 

Neth Sound · COR SAMAN 01

වතුකරයේ ජනතාව මෙන්ම උතුරේ ජනතාව ද මහත් උනන්දුවෙන් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරූ බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.

Neth Sound · COR MADAWA 01



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here