සැළලිහිණිගම නිවසක තිබී පතරොම් හා තවත් යුධ උපකරණ තොගයක් හමුවෙයි!

0
2


රෂිකා හෙන්නායක මැයි 22, කොළඹ LNW :

වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී, වවුනියාව, සැළලිහිණිගම ප්‍රදේශයේ නිවසක තිබී පතරොම් හා තවත් යුධ උපකරණ තොගයක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ. 

පොලීසිය පැවසුවේ, එහිදී ටී-56 වර්ගයේ ගිනි අවි සඳහා යොදා ගන්නා පතරොම් 296ක්, ටී-56 ගිනි අවි සඳහා පුහුණුවීම්වලදී යොදා ගන්නා පතරොම් 124ක්, එම්-16 වර්ගයේ පතරොම් 19ක්, ෂොට්ගන් ගිනි අවි සඳහා යොදා ගන්නා පතරොම් 27ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිළ ඇදුම් කොටස් 12ක් සොයාගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පැවසේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here