සැලෝන් යන්න බය කාලෙට-2

0
4

හිසකෙස් වලට ධාන්‍ය සත්කාර

මුං ඇට පිටි සහ පොල්තෙල් එකට මිශ්‍ර කර හිසේ ගැල්වීමෙන් හිස කෙස් පෝෂණය වෙනවා. කැඩී, දුර්වල වූ හිස කෙස් එමඟින් ශක්තිමත් කරවනවා. පැය භාගයකට පසුව සෝදා හරින්න.

ස්නානය කිරීමට පෙර, මුං ඇට පිටි සහ දෙහි යුෂ තලපයක් සේ සකස් කර හිසේ ගැල්වීමෙන් ඉස්සොරි සුව කර ගන්න පුළුවන්.

මුං ඇට පිටි සහ උඳු පිටි එකට කලවම් කර ස්නානය කිරීමට පැය භාගයකට පෙර ගැල්වීමෙනුත් ඉස්සොරි සුව වෙනවා.

හිස කෙස් වැඩීමට අවශ්‍ය පෝෂණ ගුණ නොලැබෙන විට හිස කෙස් දුර්වල වී, හැලී යනවා. හිස කෙස් වල නිරෝගී බවට සින්ක් සහ බයෝටීන් අත්‍යවශ්‍ය වෙනවා. නිතර මුං ඇට, කව්පි, සෝයා බෝංචි ඇතුළු ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් ඔබේ හිස කෙස් වලට පෝෂණය ලබා ගන්න පුළුවන්.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here