ඕනෑම තරුණියක් කැමතියි තමන්ගේ සම මේකප් එකක් නැතුව උනත් ලස්සනට තියාගන්න.ඉතින් මේ කියන්න යන්නෙ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ගෙදරදීම ක්ලීනප් එකක් කරගන්න විදිය ගැනයි
පෝශ්‍යදායි ආහාර සහ විටමින් වලින් සමට අභ්‍යන්තර පෝශණයක් දෙන ගමන් සමට බාහිර සත්කාර කරන එකත් වැදගත්.අධික මුදලක් මේවාට වැය කරනවට වඩා නිවසේදීම ස්වභාවික දේවල් වලින් මේ සත්කාර ඔබට කරගන්න පුලුවන්. ඉතින් මේ ලිපියෙන් ඔබට කියන්නේ ඒ විදියට ක්ලීනප් එකක් කරන විදිය ගැනයි
ක්ලෙන්සර් කිරීම මගින් ඔබේ සම පිරිසිදු කරන ගමන් සමට හොඳ පෝශණයක් ලබා දෙනවා.ඒ වගේම සමෙහි තියන කුණු දූවිලි සහ අනවශ්‍ය තෙල් ඉවත් කරනවා
මෙම ඕනෑම ක්ලෙන්සර් එකක් මුහුණේ ගල්වා ඇඟිලි තුඩු වලින් විනාඩි කීපයක් මුහුණ කවාකාරව පිරිමදින්න.මද උණුසුම් ජලයෙන් ඔබේ ඇඟිලි තෙත් කරමින් විනාඩි කීපයක් මෙසේ මුහුණ හොඳින් සම්බාහනය කරගන්න.ඉන්පසු සාමාන්‍ය ජලයෙන් මුහුණ සෝදා ,පිරිසිදු තුවායකින් මුහුණ තෙත මාත්තු කරන්න
ඔබේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කිරීමට ස්ක්‍රබ් එකක් භාවිතා කල යුතුයි.එමෙන්ම ස්ක්‍රබ් කිරීම මගින් සමට දීප්තිමත් පෙනුමක් සහ මෘදු බවක් ලබා දෙනවා
මේ අතරින් ඔබ කැමති ස්ක්‍රබ් එකක් මුහුණේ ගල්වා ඇඟිලි තුඩු වලින් කවාකාරව පිරිමදින්න.මෙහිදි කට දෙපස , නහය දෙපස සහ නිකට යන ප්‍රදේශයෙන් විශේශයෙන් ස්ක්‍රබ් කරන්න ඔබ මතක තබාගන්න.විනාඩි හතරක් හෝ පහක් ඇඟිලි තෙත් කරමින් මෘදු ලෙස ස්ක්‍රබ් කර මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න
වාශ්ප ඇල්ලීම ඔබේ මුහුණේ සම ගැඹුරින් පිරිසිදු කිරීමටත් , black heads සහ white heads ඉවත් කිරීමටත් ,සම වියලීම වලක්වා ගැනීමටත් උපකාරි වෙනවා.
වාශ්ප ඇල්ලීම සඳහා වෙළඳපලේ විවිධ උපකරණ තිබෙනවා.එසේ නැත්තම් නිවසේදි ඔබට පිරිසිදු භාජනයකට උණු වතුර පුරවාත් මෙය කරගන්නට පුලුවන්
විනාඩි පහක් වැනි කාලයක් වාශ්ප ඇල්ලීම ප්‍රමාණවත්
වාශ්ප ඇල්ලීමෙන් පසුව black heads සහ white heads ඉවත් කරගැනීම ඔබට ඉතාම පහසු වෙනවා.මේ සඳහාම වූ කුඩා tool එකක් වෙළඳපොලේ මිලදී ගන්නට තිබෙනවා.එමගින් මේවා ඉවත් කරගැනීම පහසු වන අතර එය සම මත ඉතා තදින් නොතැබීමට ඔබ මතක තබාගන්න ඕන.එහෙම නැත්තම් සම තුවාල වෙන්න ඉඩ තියෙනවා
මෙය cleanup එකකදි අත්‍යවශ්‍යයම පියවරක් නෙමෙයි.නමුත් ඔබට මෙය සිදු කරන්නට පුලුවන්.
මෙමගින් සමට පෝශණයක් ලබා දෙන අතර ,සම පැහැපත් කරගැනීමට සහ සමට දීප්තිමත් බවක් ලබාගන්නටත් පුලුවන්
මේ අතරින් ඔබේ සමට ගැලපෙන ඔබ කැමති පැක් එකක් සාදා සම මත ගල්වා ,විනාඩි පහලවක් හෝ විස්සක් තිබෙන්නට හැර වියලුනු පසු, සාමාන්‍ය ජලයෙන් තෙත් කර මෘදු ලෙස පිරිමදිමින් ඉවත් කරන්න
මෙය ඉතාම වැදගත් පියවර සහ අවසන් පියවර වෙනවා.Toner කිරීම මගින් සමේ විවෘත වී ඇති සිදුරු වැසීම , සමේ තෙතමනය ආරාක්ශා කිරීම සිදුවෙනවා.
සම ලස්සනට තබාගැනීම යුවතියකට ගොඩක් වැදගත්.ඒ වගේම නීරෝගි සමක් කියන්නේ වටිනා ආභරණයක්.ඉතින් ඔබට විශාල මුදලක් වැය කිරිමකින් තොරව ස්වාභාවික ක්ලීනප් එකක් නිවසේදීම කලොත් ලබාගන්න පුලුවන් වාසි බොහොමයි.ඒ වගෙම මේ සත්කාරය සති දෙකකට වරක් කරන්නත් ඔබ මතක තබාගන්න
Saru FM Media