සැමියා මියගිය සොවින් දරුවන්ටත් වස පොවා වස පානය කළ මව මරුට

0
7

දරු තිදෙනා සුවෙන්

තැලසීමියා රෝගයෙන් පෙළුණු 34 හැවිරිදි සැමියා මිය යෑමෙන් සිත් තැවුලට පත් බිරිඳ දරුවන් තිදෙනාට ද වස දී තමන් ද වස පානය කිරීමේ පුවතක් උඩුදුම්බර පොලිස් බල ප්‍රදේශයේ තලගුණේ ග්‍රාමයෙන් වාර්තා වෙයි. අසාධ්‍ය තත්ත්වයෙන් උඩුදුම්බර රෝහලට ඇතුළත් කළ මව මියගොස් තිබෙන අතර දරු තිදෙනා රෝහලින් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇත.

පියාගේ මළ සිරුර නිවසේ තිබියදී මව කිරිවලට කලවම් කර අවුරුදු 12, 09 හා 05 යන වයස්වල පසුවන දරු තිදෙනාට වස ලබාදී තිබෙන බවත් එක් උගුරක් පානය කර තිත්ත බව පවසා ඔවුන් ඒවා පානය කිරීම ප්‍රතික්ෂේප කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

පියාගේ හා 31 හැවිරිදි මවගේ මළ සිරුරුවල අවසන් කටයුතු පෙරේදා (20දා) උඩුදුම්බර තලගුණේ ප්‍රදේශයේ දී සිදු කර ඇත. උඩුදුම්බර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත දොඹගම්මන මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
සමන්ති වීරසේකර

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here