ඊයේ ( 13 වැනිදා ) උදෑසන මැණික්හින්න හා වත්තේගම දී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් බලපත්‍ර නොමැතිව මෙරටට ආනයනය කරන ලද මෝටර් රථ දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත මෙම වැටලීම් දෙක සිඳු කර තිබේ . විදෙස් රටවල සිට නිත්‍යාණුකූල නොවන ආකාරයෙන් මෙරටට ආනයනය කර එම මෝටර් රථ සම්බන්ධයෙන් ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ දත්ත පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුලත් කර තිබේ . ජීප් රථ දෙක සමඟ සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් අවුරුදු 38 හා 58 වයස්වල පසුවන මැණික්හින්න හා වත්තේගම ප්‍රදේශවල පදිංචිකරුවන් ය .
සැකකරුවන් තෙල්දෙණිය ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින්වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.
Saru FM Media