සැප ගන්න රැඳවියා ඉන්නේ ගාල්ල හිරගෙදර

0
6

අපරාධකරුවකු බව කියන රැඳවියකු බන්ධනාගාරය තුළ ජංගම දුරකථන භාවිත කරමින් සුවපහසු ලෙස රැඳීසිටින ආකාරය දැක්වෙන සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝ පටය ගාල්ල බන්ධනාගාරයේදී පටිගත කළ එකක් බව බන්ධනාගාර මූලස්ථානය සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම රැඳවියා සිය ජංගම දුරකථනය නරඹමින් මත්ද්‍රව්‍ය භාවිතා කරන ආකාරයත් තවත් රැඳවියකු ඔහුගේ හිස සම්බාහනය කරන ආකාරයත් එම වීඩියෝවේ දැක්වේ.

එම රැඳවියා බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අයකු බවට වීඩියෝවේ සඳහන් වුවත් එම සිදුවීම ගාල්ල බන්ධනාගාරයේදී පටිගත කර ඇති බවට මූලික විමර්ශනයෙන් කරුණු හෙළි වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම බන්ධනාගාරයෙන් වාර්තාවක් කැඳවා ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා ‘දිවයින’ ට පැවැසීය.

එම වාර්තාව කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් වාර්තාව ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද වීරසිංහ මහතා කීය.
චමින්ද සිල්වා

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here